News Line| Off Air
Generic placeholder image

Jun
18

“අවසන් සටන පටන් ගත්ත විල්පත්තුවෙන්ම මේ සටනත් ඉවර කරනවා.” – සිංහරාජයේ අලි මෙහෙයුම නතර කරාට ෆොන්සේකා දෙහි කපයි.

1291 Views


“අවසන් සටන පටන් ගත්ත විල්පත්තුවෙන්ම මේ සටනත් ඉවර කරනවා.” – සිංහරාජයේ අලි මෙහෙයුම නතර කරාට ෆොන්සේකා දෙහි කපයි.

සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. සිංහරාජයේ ජීවත්වෙන සෑම සතා සිව්පාවෙක් වගේම ගහ කොලක්ම ලෝක උරුමයක්. සිංහරාජ වනාන්තරයේ ජීවත් වෙන වන අලි දෙන්නා ඉවත් කරන්න පහුගිය දා වනජීවී අමාත්‍යංශය උත්සහා කරා.

හැබැයි පරිසර සංවිධාන වලින් සහ ජනතාවගෙන් එල්ලවුන විරෝධතාවය නිසා ජනපති නියමයෙන් ඒ මෙහෙයුම නැවැත්තුවා.හබයිඕ හැබැයි වනජීවී ඇමතිතුමා නම් ඒ වැඩේට කැමැත්තක් දැක්වුවේ නෑ. වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඒ ගැන කියලා Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා.

සිංහරාජය අවට ගම්මුන්ගේ ජීවිත වල වගකීම කවුද බාර ගන්නේ ? කවුරුහරි ඔය අලි දෙන්න මරලා දැම්මොත් …
ඒ අහිංසක සතුන්ගේ ජීවිතවල වගකීම කවුද බාර ගන්නේ?

දෙයක් උනාට පස්සේ ඔය NGO සංවිධාන අපිටමයි බුරන්නෙ… තමුන්ලට වඩා මම ගහකොළට සතුන්ට ආදරෙයි…

අවුරුදු 40ක් සටන් බිමේදි සත්තු, ගහ කොළ එක්ක ගනුදෙනු කරලා තියනවා උන්ගේ චර්යා, හැසිරීම් ගැන මට අවබෝදයක් තියනවා.

අවසන් සටනේ වන්නියේ මුල්ම ජයග්‍රහණය “සිලාවතුර අත්පත් කර ගැනීම” ඒ සටන මම ආරම්භ කලේ විල්පත්තුවෙන්… මේ සටන මම ඉවර කරන්නෙත් විල්පත්තුවෙන්…

ගම්මුන්ටත්, සතුන්ටත්, රටේ නමටත් හානියක් නොවන පරිදි මේ ප්‍රශ්නය විසඳනවා… ඉවසීමෙන් බලන් ඉන්න…

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා-

කියලයි එතුමාගේ Facebook සටහනේ තිබ්බේ. කොටි එලවපු ෆොන්සේකා මහතාට අලි මෙල්ල කරන්න පුළුවන් වෙයිද කියලා බලාගෙන ඉමු.


News Articles
Latest Videos
Most Popular Post