News Line| Off Air
Generic placeholder image

Jun
19

චීනය සහ ඇමෙරිකාව අතර වෙළඳ යුද්ධයක්.

714 Views


චීනය සහ ඇමෙරිකාව අතර වෙළඳ යුද්ධයක්.

ලෝක බලවතුන් අතර හැම වෙලේම මොකක් හරි යුද්ධයක් පටන් ගන්නවා. අවි ආයුධ වලින් කරන යුද්ධ නැතත් සීතල යුද්ධ සහ වෙළඳ යුද්ධ නිතර ඇති වෙනවා. මේ වෙද්දී ලෝකයේ ඉන්න බලවත්ම රටවල් 2 තමයි ඇමෙරිකාව සහ චීනය.

විදෙස් වාර්තා සඳහන් කරන විදියට ඇමෙරිකාව සහ චීනය වෙළඳ යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඒ, අමෙරිකාව චීනයට එරෙහිව නව තීරු බදු පැනවීමේ සූදානමත් එක්ක. අමෙරිකාව ආනයනය කරන චීන නිෂ්පාදන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් නව ආනයන බද්දක් පැනවීම පියවර අරන් තියෙනවා.

චිනය පසුගිය දා අමෙරිකාවට එරෙහිව පැනවූ ආනයන බද්දට එකට එක කිරීමක් විදියට 10%ක නව තීරු බද්ධ පනවලා තියෙනවා. නව තීරු බදු පැනවිය යුතු චීන නිෂ්පාදන හඳුනා ගන්නා ලෙස සිය වෙළෙඳ නියෝජිතයින්ට ජනපති ට්‍රම්ප් දැනුම් දීලා තියෙනවා. මේ විදියට ගිහින් වෙළඳ යුද්ධය ලෝක යුද්ධයක් වෙයිද කියන්න බෑ.


News Articles
Latest Videos
Most Popular Post