ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අතරදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට තමයි මේ චෝදනාව එල්ල වුණේ.
මේ ගැන පරීක්ෂණ අද ආරම්භ කරනවා කියලා ICC ය සඳහන් කරනවා. 5තරඟයේ 3 වෙනි දවසේදී ආයෙත් පන්දුවේ ස්වභාවය ගැන ගැටළුවක් මතු වුණා. ඒ පන්දුව ඇලෙනසුළු ස්වභාවයක් ගෙන තිබෙන බවට විනිසුරුවරුන් නිරීක්ෂණය කිරීමත් සමග.
විනිසුරුවරුන් පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වාගේ ක්‍රිකට් පිත්ත පරීක්ෂාවකට ලක් කරා. එහිදී විනිසුරුවරුන් රොෂේන් සිල්වාට ප්‍රකාශ කළේ ක්‍රිකට් පිත්ත මාරු කරන්න කියලා. ඒ අනුව ක්‍රීඩාගාරයෙන් රොෂේන් සිල්වා හට නව ක්‍රිකට් පිත්තක් ගෙනත් දුන්නා.