මේ දවස්වල රුසියාවේ පැවැත්වෙන FIFA ලෝක කුසලානයට තමයි හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ. FIFA ලෝක කුසලානයට සහභාගී වුන පාපන්දු කණ්ඩායමකට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
ඒ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා යමින් සිටි සවුදි අරාබි කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වෙලා තිබෙනවා. මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටියදී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.
යානයේ තටුවක එන්ජිමක හට ගත්ත මේ ගින්න නිසා කිසිම හානියක් වෙලා නම් නෑ. යානය සාර්ථකව රෝස්තොව් ගුවන් තොටුපළේ ගොඩබෑමට ගුවන් නියමුවන් සමත්වුණා. යානය ගුවන්ගතවී ටික වෙලවකින් මේ ගින්න හටගෙන තියෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් සවුදි පාපන්දු බලධාරීන් පවසන්නේ එය යානයේ සිදු වූ සුළු කාර්මික දෝෂයක් නිසා ඇති වූ තත්වයක් කියලා. ගින්නෙන් පාපන්දු කණ්ඩායමේ කාටවත් අනතුරක් වෙලා නෑ.