News Line| Off Air
Generic placeholder image

Jun
20

ක්‍රිකට් ඉගැන් වූ එංගලන්තය කිසිවෙකුට බිඳහෙළිය නොහැකි ලෝක වාර්තාවක් තියයි. (VIDEO)

1288 Views


ක්‍රිකට් ඉගැන් වූ එංගලන්තය කිසිවෙකුට බිඳහෙළිය නොහැකි ලෝක වාර්තාවක් තියයි. (VIDEO)

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක දින තරඟයක් ඊයේ පැවැත්වුණා. මේ තරඟයේදී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

පන්දු ඕවර 50 තුළදී ඔවුන් කඩුලු 6කට ලකුණු 481ක් ලබාගත්තා. විශේෂත්වය වුණේ 2016 වසරේදී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ඔවුන් රැස්කල ලකුණු 444 පසු කරයමින්ම මෙම නව වාර්තාව එංගලන්තය විසින් පිහිටුවීමයි.

එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් මෙහිදී වේගවත් ශතක දෙකක් රැස්කළ අතර, කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ පන්දු 92කදී ලකුණු 139ක්ද,ඇලෙක්ස් හේල්ස් පන්දු 92කදී ලකුණු 147ක්ද ලබා ගත්තා. නායක මෝගන්ද ලකුණු 67ක් රැස්කරන කළා.

මේ තියෙන්නේ තරඟයේ විශේෂ අවස්ථා…

https://www.youtube.com/watch?v=6rzlfG6Xkg0


News Articles
Latest Videos
Most Popular Post