නවසීලන්තයේ කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකු විසින් අධික මුදලක් වැයකරමින් තම පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ විදිහට ගොඩක් දෙනෙකුගේ අවධානය යොමුවුණේ Josef Rakich ට. ඔහු Maryam Matti නම් තම පෙම්වතියට කළ විවාහ යෝජනාව තමයි මේ වෙද්දී ලොව මිල අධිකම විවාහ යෝජනාව වෙලා තියෙන්නේ.
විවාහ යෝජනාවට ඔහු තෝරගෙන තිබුණේ නවසීලන්තයේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගණය. හෙලිකොප්ටරයකින් ඔහු එම ස්ථානයට පෙම්වතිය කැඳවාගෙන ආවා. එහිදී ඩොලර් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඔහුගේ විශේෂ ඇණවුමක් මත නිර්මාණය කළ රෝස පැහැති රෝවර් මෝටර් රථයක් පෙම්වතියට තෑගි කරලා තිබුණා. ඉන්පසුව අගනා මුදුවක් ඇයට පැළඳවීමටයි ඔහු කටයුතු කළේමේ විදිහට විශාල පාපන්දු පිටියක සැණකෙලියක් ලෙස සංවිධානය කර තිබූණා. මෙම අවස්ථාව ඔහුගේ පෙම්වතියට ඇදහිය නොහැකි අවස්ථාවක් බවට පත්වුණා.