News Line| Off Air
Generic placeholder image

Jun
21

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙයි.

528 Views


ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙයි.

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා වැඩියෙන්ම කෑගහපු රටක් තමයි ඇමෙරිකාව. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක්ම ගෙනාවා.

හැබැයි ඉතිං අනිත් රටවල් වලට පහර ගහන්න ඇමෙරිකාව භාවිතා කරපු මානව හිමිකම් මණ්ඩලය පස්සේ ඇමෙරිකාවටම පාරා වළල්ලක් වුණා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඇමෙරිකාව කටයුතු කරා.

ඉවත්වීම නිවේදනය කරමින් ඇමෙරිකාව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යනු ‘දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්’ කියලා. ඒ වගේම එම මණ්ඩලය ‘කුහක සහ ආත්ම ලාභය’ වෙනුවෙන් ක්‍රියාකරන ‘මානව හිමිකම් සමච්චලයට ලක්කරන’ ආයතනයක් බවද ඇමෙරිකානු නියෝජිත නිකී හේලී කියා සිටියා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ කිව්වේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මානව හිමිකම් සුරැකීමේ දුර්වලයෙක් කියලා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස් කිව්වේ මානව හිමිකම් මණ්ඩලය තුළ ඇමෙරිකාව තවදුරටත් ඉන්නවා නම් තමා වඩාත් කැමති කියලා.

ඇමෙරිකානු දේශසීමාවට පැමිණෙන මෙක්සිකෝ සංක්‍රමණිකයන්ගේ දරුවන් ඔවුන්ගෙන් වෙන්කිරීම මානව හිමිකම් මණ්ඩලයේ දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ වගේම


News Articles
Latest Videos
Most Popular Post