News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

දෝනිගේ සුරූපී බිරිඳ ගිනි අවියක් ඉල්ලයි.

1345 Views


දෝනිගේ සුරූපී බිරිඳ ගිනි අවියක් ඉල්ලයි.

ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නායකයෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම හොඳම තරඟ දිනවන්නෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. දෝනිගේ සුරූපී බිරිඳ තමයි සාක්ෂි දෝනි.

ඇය ඉන්දීය අධිකරණයෙන් ගිනි අවියක් ළඟ තියා ගන්න අවසර ඉල්ලලා තියෙනවා. ඒ ඇය බෝහෝ විට තනිවම ජීවත් වෙන නිසා. මොකද දෝනිත් වැඩියෙන්ම ඉන්නේ ක්‍රිකට් සංචාර වලට එකතු වෙලා.

‘‘සමහර වෙලාවට මට තනිවම ගමන් බිමන් යන්න සිදුවෙනවා, ඒ වෙලාවට මට අනාරක්ෂිත බවක් දැනෙනවා‘‘ කියලා ඇය අධිකරණයට කියලා තියෙනවා. පසුගිය වසරේදී දෝනි සහ සාක්ෂි රන්චි පළාතේ දලදාලිහි පිහිටි ඔවුන්ගේ ගොවිපළට පදිංචියට ගියා. මහේන්ද්‍ර සිං දෝනිට මේ වන විටත් ගිනි අවි බලපත්‍රයක් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post