News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගනට හෝ සුරංග ලක්මාල්ට?

779 Views


ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගනට හෝ සුරංග ලක්මාල්ට?

ශාන්ත ලුසියා හී පැවැත්වුණ දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරඟයේ දෙවැනි දවසේදී පන්දුව පළුදු කළ බවට වරදකරු වීමෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල්ට බාර්බඩෝස්‌ හී පැවැත්වෙන තුන්වෙනි ටෙස්‌ට්‌ තරඟය තහනම් කරන්න තරඟ තීරක ජවගල් ශ්‍රීනාත් තීන්දු කරල තියෙනවා. ඒ වගේම තරඟ තහනමට අමතරව චන්දිමාල්ට එම තරඟ ගාස්‌තුවෙන් සියයට සියයක දඩයක්‌ද නියම වුණා. ඒ අනුව ටෙස්‌ට්‌ තරගයට හිමිවන රුපියල් ලක්‍ෂ හතහමාරක පමණ තරඟ ගාස්‌තුවද ශ්‍රී ලංකා නායකයාට දඩ වශයෙන් නියම කිරීමට තරඟ තීරකවරයා පියවර ගත්තා. මීට අමතරව ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ල කරල තියෙනවා. ඔවුන් දෙපළටද දඩයක්‌ හෝ තහනමක්‌ පැනවීමට නියමිත වුනත් එම තීන්දුව මොකක්ද කියල ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මෙතෙක්‌ ප්‍රකාශ කරල නැහැ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ ඇපෑලක්‌ ඉදිරිපත් කළත් දැනට පනවා ඇති තහනමේ වෙනසක්‌ සිදු වෙන්නේ නැහැ කියලයි…

මේ තත්වය එක්ක චන්දිමාල්ට බාර්බඩෝස්‌ ටෙස්‌ට්‌ තරගය තහනම් වීමෙන්, උපනායක සුරංග ලක්‌මාල්ට හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ට එම තරඟයේ නායකත්වය හිමිවෙනවා. බාර්බඩෝස්‌ ටෙස්‌ට්‌ තරඟය දිවා රාත්‍රී තරගයක්‌ වීම සහ එහි වාසිය වේග පන්දු යවන්නන්ට කරකැවීම මත රංගන හේරත්ට අවසන් එකොළොස්‌ දෙනා අතර ස්‌ථානය ලබාදීම ගැටලුකාරී තත්ත්වයක්‌ වෙලා තියෙනවා. සුරංග ලක්‌මාල්ට ටෙස්‌ට්‌ තරඟ 46 ක අත්දැකීම් තිබුණත් තරඟාවලිය 1-0 ක්‌ ලෙස ශ්‍රී ලංකාව පසුපසින් ඉන්න අවස්‌ථාවක නව නායකත්වය ඔහුට ලබාදීමද අභියෝගාත්මක තීරණයක් වෙලා තියෙනවා.

කොහොම වුනත් ශ්‍රී ලංකා පිල ඊයේ බාර්බඩෝස්‌ හී පළමු පුහුණු සැසියටද සහභාගි වුණා. කණ්‌ඩායමේ මානසිකත්වය ඉතාමත් උද්යෝගයෙන් ඇති බව දැක ගන්නට ලැබුණ කියලයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියන්නේ. තරඟාවලිය 1-1 ක්‌ විදිහට සම කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්‌කය වෙලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post