News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

අද ලග්න 3 කට රැකි රක්ෂා වලට බාධා සිද්ධ වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

2967 Views


අද ලග්න 3 කට රැකි රක්ෂා වලට බාධා සිද්ධ වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි  මස 22 වන සිකුරාදා

රාහු කාලය: දිවා කාලය උදෑසන 10.38 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.46සිට12.12දක්වා

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත / ගිනිකොණ

 

මේෂ ලග්නය

රැකී රක්ෂා කටයුතු වලදී පුංචි පුංචි භාධා කාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන්

එහිදී ඔබ ශක්තිමත්ව ඉදිරියට යන ගතියක් පෙනේ.

ඕනෑම භාදකයක් මග හැරගෙන ඉදිරියට යාමේ හැකියාවක් ඇත.

කෙසේ උනත් දවස සාර්ථක කරගන්න සිනහ මුසු මුහුණින් කටයුතු කරන්න.

ජය වර්ණය: රන් වන්  පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

තමන්ගේ ශරීර ශක්තිය පිලිබඳ අද හොඳ දවසක් අන්‍ය දේශිත අන්‍ය ජාතික පුත්ගලයන්ගෙන් උදවු උපකාර ලබාගන්නත්

ඔවුන් සමග කරන කටයුතු සාර්ථක කරගනත් අවස්ථාව හිමිවන දවසක්,

කායික මානසික පීඩා දුරුවනදවසක් දෙමා පියන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක්.

ජය වර්ණය: ලා දම්  පැහැය                                                ජය අංකය: 09

මිථුන ලග්නය

ධනය බලය වැඩි වෙන දවසක් ,අද දවස ඔබගේ දැනුම වර්ධනය වන දවසක් දැනුමෙන් තීරණ ගන්න නිසා ඔබ ගන්න තීරණ වලට අන් අය

විමතියටද ලක්විය හැක , රැකි රක්ෂා වෙළදාම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.

ජය වර්ණය: ලා  කොළ  පැහැය                                                    ජය අංකය: 09

 

 

කටක ලග්නය

හවුලේ වැඩ සාර්ථකයි ආදර සම්බන්ධතා සුබයි, ලිපි ලේඛණ ආදී කටයුතු ඉහල නිලධාරීන් සමග කරන කටයුතු වලින් වඩාත් ප්‍රවීසම් වෙන්න ඕනේ ,

පුංචි පුංචි වැටීම් වලදී වටෙන් නැතුව ශක්තිමත්ව කටයුතු කරන්න ඕනේ .

ජය වර්ණය: ලා කහ  පැහැය                                                           ජය අංකය: 08

සිංහ ලග්නය

අද දවස ආරම්භයේදී පුංචි පුංචි ගැටළු ඇතිවිය හැක එම නිසා ඉතාමත්ම විමසිල්ලෙන් ඔබගේ වැඩ කටයුතු කරගන්න.

ඔබට එරෙහිව සතුරු කරදර එන්න පුළුවන් ඒ කරදර කුමක්ද යන්න වැඩි වෙලාවක්

 යාමට පෙර ඔබටදැනගැනීමට හැකිවෙන නිසාවෙන් එම කරදර බාදක

වලින් මිදී වැඩ කටයුතු සැලසුම් කරගැනීමට ඔබට හැකියාවක් ලැබෙන බව සඳහන් කල යුතුයි .

ජය වර්ණය: ලා   පැහැය                                         ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඕනෑම අබියෝගයක් සතුටින් බාරගන්න දවසක් අන් යට උදවු උපකාර කරන දවසක්

අත ගහන හැම වැඩක්ම සාර්ථක කරන්න ඉල්ලන උපකාර නොඅඩුව ලැබෙන දවසක් අද දවස ,

ඉහල නිලදාරීන්ගෙන් යමක් ඉල්ලන්න උසස්වීමක් ඉල්ලන්න බලාපොරොත්තු

උනානම් ඔන්න අද තමයි හොඳම දවස ,සිත ප්‍රීතියෙන් පිනා යන දවසක් .

ජය වර්ණය: ලා කහ  පැහැය                                       ජය අංකය: 03

තුලා ලග්නය

ගේදොර ඉඩ කඩම්වලින් ඔබට ලාබ  ලැබෙන දවසක් ඒ වගේම යාන වාහන සම්බන්ධවත් ඔබට සුබ දවසක්. රැකී රක්ෂා කටයුතු වලට අද දවස යෝග්‍ය දවසක්

විදියට හඳුන්වන්න පුළුවන් ඔබත් අන් යට උදවු උපකාර කරන්න යන

දවසක් හැබැයි අන් යට උදවු කරන්න යාමෙන් ඔබට ගැටළු ඇතිවීමටද පුළුවන් දවසක්.

ජය වර්ණය: රතු  පැහැය                                      ජය අංකය: 07

වෘශ්චික ලග්නය

 

ඔබ අරඹන, කරන වැඩ සාර්ථක වෙනවා ඔන්න ඔබ අද අතගහන කටයුතු වලට

ඉහල නිලධාරීන්ගෙන් දෙමවු පියන්ගෙන් බාධා එල්ල වෙනවා එනිසා අතගහන අතගහන වැඩේ කල්යන ස්වභාවයක්

තමයි පෙන්නුම් කරලාතියෙන්නේ , හැබැයි ඔබ විදේශ ගත වෙන්න

හිතනවානම් අන්න අද දවස ඔබට ඒ සඳහා සුබයි විටෙක ඔබ හුදකලාව ඉන්න උත්සහ කරනව.

ජය වර්ණය: ලා රතු   පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

වචන භාවිතයෙන් බොහෝ දේවල් දිනා ගත හැකි දවසක් බොහෝ දෙනාගේ ආකර්ෂණය ගෞරවයට භාජනය වන දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් , පුළුවන් තරම් ඔබගේ පරිචය වැඩි කරගන්න උත්සහ කරන්න.

ඔබේ දැනුමට ලිපි ලේඛණ ආදියට මුල් තැන දෙන්න , පුළුවන් කමක් තියෙනවනම්

ඔබගේ වයස ප්‍රමාණයට ස්වාබහවික මල් මාලයක් ගොතලා ඔබගේ ශාස්තෘවරුන්ට පූජා කරන්න

ජය වර්ණය: විසිතුරු  පැහැය                                                  ජය අංකය: 07

 

මකර ලග්නය

ඔබගේ අභිමානය වැඩි වෙනවා එම නිසා ඔබ අනිත් අයව පහතට දමා තමාගේ මතය ඉදිරියට

ගැනීමට උත්සුක වෙනවා.අද දවසේ ඔබ කරන වැඩ කටයුතු වලින් තාක්ෂණික

මෙවලම් තුල්ලින් ඔබ කරන කටයුතු සාර්ථකකරගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා.

ජය වර්ණය: රතු   පැහැය                                 ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

කල්පනා කාරීව තීන්දු තීරණ ගත යුතු බව ඔබ තරයේ අද දවසේ මතක තබා ගත යුතුයි,

ඒවගේම කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවිය හැකි අතර

ඒ පිළිබඳවද සැලකිලිමත් වන්න, සුබ කටයුතු ආරම්භ කරද්දී ඉවසිලි වන්ත වෙන්න. මවු පියන් ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: ලා නිල්   පැහැය                                                ජය අංකය: 07

 

මීන ලග්නය

යන්ත්‍ර සුත්‍ර වැඩ කටයුතු වලින් අද දවස සාර්ථක කරගැනීමට ඔබට හැකියාවක්

ඇති අතර සමාජයතුළ ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා ,

ජය පිරිත වරක් හෝ සජ්ගයන්නය කර වරක් හෝ ශ්‍රවනය කරන්න. දවස සාර්ථක කර ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. යාන වාහන

පදවන විට ප්‍රවේශම් වන්න.

ජය වර්ණය: ලා කහ   පැහැය                                           ජය අංකය: 05

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක

දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post