News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ වරද පිළිගනී.

1033 Views


චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ වරද පිළිගනී.

කොදෙව් කණ්ඩායම සමඟ තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට බාධා රැසක් ඇති වුණා. ලංකාව පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා පිටියේ විනිසුරුවන් නායක චන්දිමාල්ට චෝදනා කරා. අනතුරුව පන්දුව මාරු කල විනිසුරුවන් දඩුවම් ලකුණු 5ක් කොදෙව්වන්ට ලබා දුන්නා.

ඒකට විරෝධය පළ කරපු ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රකින්න පිටියට ආවේ නැහැ. මේ නිසා ක්‍රීඩාවේ ජීවගුණයට හානි වුණා කියලා ICC නායක චන්දිමාල්ට, පුහුණුකරු හතුරුසිංහට සහ කළමණාකරු ගුරුසිංහට විරුද්ධව චෝදනා ගොනු කරා.

අද ඔවුන් ICC ය ඉදිරියේ වරද පිළිගත්තා. මේ නිසා චන්දිට, හතුරුට සහ අසංකට ඉදිරියේදී දඬුවම් නියම කරාවි. මේ වරදට ටෙස්ට් තරඟ 2 ක් හෝ 4 ක තහනමක් හෝ සීමිත ඕවර තරඟ 4 ක් හෝ 8 ක තහනමක් පනවන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post