News Line| Off Air
Generic placeholder image

Jun
23

“විවේකයක් ලැබුණා…නොකළ වරදකට පොදු සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් මට නැහැ” – ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප ලබාගෙන ඇවිත් කියපු කතාව

984 Views


“විවේකයක් ලැබුණා…නොකළ වරදකට පොදු සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් මට නැහැ” – ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප ලබාගෙන ඇවිත් කියපු කතාව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිපාණන් රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක්‌ මත ඊයේ මුදා හැරියා. ඒ වුනත් උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ අතර නඩුවට අදාළ අනිත් අය මේ වෙද්දී මාස 6 ක්‌ බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට ලක්‌ වෙලා ඉන්නවා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප ලබාගෙන හෝමාගම අධිකරණයෙන් පිටතට ඇවිත් ඉස්සෙල්ලම කලේ අධිකරණය ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත්හි නිරත වුණ එක. උන්වහන්සේ පිළිගන්න එතනට ඇවිල්ලා හිටිය බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස විසින් පාවඩ එලා, හේවිසි හඬ මධ්‍යයේ තමයි ඥානසාර හිමියන්ව විහාරස්ථානයට කැඳවාගෙන ගියේ.

මේ අවස්ථාවට ඇවිත් හිටපු මාධ්‍යවේදීන්ට ඥානසාර හිමි කිව්වේ “විවේකයක් ලැබුණා..බොහොම දැහැමින් සෙමින් ඒ විවේකය ගත කළා” කියලයි. ඒ වගේම නොකළ වරදකට පොදු සමාවක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවක් තමන්ට නැහැ කියලයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post