News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

ඉන්දියාවේ කෝඩුකාරයා හාර්දික් පාන්ඩ්‍යා සුරූපී නිළියක් හා පෙමින් වෙලේ

1690 Views


ඉන්දියාවේ කෝඩුකාරයා හාර්දික් පාන්ඩ්‍යා සුරූපී නිළියක් හා පෙමින් වෙලේ

ක්‍රිකට් සහ චිත්‍රපට තරම් එකට බැදුනු දෙයක් බොලිවුඩයේ තවත් නෑ. ඒ නිසාම ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩකයන් බොලිවුඩ් නිලියෝ එක්ක ආදර සම්බන්ධකම් පටං ගන්නේ. ඒකට හොදම උදාහරණය ඉන්දීය නායක විරාත් කෝලි සහ සුරූපී නිලි අනුශ්කා ශර්මා. ඒ අතරට අලුතෙන්ම එන්නේ සුපිරි ක්‍රීඩක හාර්දික් පාන්ඩ්‍යා සහ සුරූපී නිලි පර්නීති චොප්රා.

ඉශ්ක්සාද්, ගෝල්මාල් අගේන්, ඩිශූම් වගේ චිත්‍රපට වලින් ජනප්‍රිය වුණු පර්නීති චොප්රා සහ පහුගිය කාලේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙනම ක්‍රීඩකයා වුණු හාර්දික් පාණ්ඩ්‍යා අතර ආදර සම්බන්ධයක් ඇති වෙලා කියලා මේ දවස් වල බොලිවුඩයේ කටකතාවක් පැතිරෙනවා.
ඉතිං මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා.මධ්‍යවේදීන් පහුගිය දවසක පර්නීතිගෙන් ඇහුවා.

“ඇත්තටම මට තාම ඒ ගැන හිතා ගන්න බැහැ. ඒ වගේම ඔය ප්‍රශ්නෙට හරිම උත්තරයක් දෙන්න තාම මට ශක්තියක් නෑ. කොහොම වුණත් හාර්දික් හොද කෙනෙක්. මේ දවස් වල අපි හුගාක් හිතවත් කියලා විතරයි මට කියන්න පුලුවන්.”


News Articles
Latest Videos
Most Popular Post