News Line| Off Air
Generic placeholder image

Jun
23

දිවියා මැරූ අයට වැඩ වරදී, සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ වලින් හඳුනාගැනීමට පියවර.

720 Views


දිවියා මැරූ අයට වැඩ වරදී,  සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ වලින් හඳුනාගැනීමට පියවර.

මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹපු දෙයක් වුණේ කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී දිවියෙක් ඝාතනය කිරීමේ සිද්ධිය. ඉතින් මේ වැඩේ කරපු අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්න කියල කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කරල තියෙනවා.

වඳ වී යෑමේ අවදානමට පත්ව සිටින ආරක්ෂා කළ යුතු සත්ත්ව ගණයට මේ දිවියා මරා දැමූ පිරිස්වලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන කියලයි වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ.

කොහොම වුණත් දිවියා විසින් පහරදීමෙන් තුවාල ලැබූ මුළු ගණන 10 ක්.


News Articles
Latest Videos
Most Popular Post