ගොඩක් අයගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයක් වෙන්නේ බස් එක. ඉතින් සුඛෝපබෝහි, සාමාන්‍ය, අර්ධ සුඛෝපබෝහි බස් විදිහට ලංකාවේ මේ වෙද්දී බස් වර්ග තියෙනවා. මේ බස් අතරට අනාගතේ එන්න තියෙන අලුත්ම බස් එකක් ගැන තොරතුරක් තමයි දැන් කියන්න හදන්නේ.
පසුගියදා වෙනස්ම ආකාරයේ ට්‍රක් රථයක් වැනි දැවැන්ත බස් රථයක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. “TORSUS” නමින් හඳුන්වන මෙම බස් රථය ලොව මුල්ම 4 X 4 බස් රථය විදිහට විදෙස් මාධ්‍ය හඳුන්වනවා. මේ බස් රථයේ විශේෂත්වය වෙන්නේ, ඕනෑම රළු මාර්ගයක, බස් එකේ ඉන්න අයට කිසිඳු අපහසුවකින් තොරව ගමන් කරන්න තියෙන හැකියාවයි. ඉතාමත් නුදුරේදී ලංකාවෙත් අපට මේ බස් එල දකින්න පුලුවන් වෙයි.