පහුගිය ද කිලිනොච්චිය ප්‍රදේශයට ආව කොටියෙක් ගම්වාසින් පහරදීලා මරා දාලා තිබුණා. ලංකාවේ නීතිය අනුව කොටියෙක් මරණ එක නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා කොටියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.
කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කරලා තියෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි කිලිනොච්චි අධිකරණය පොලීසියට ඉකුත් 22 වැනිදා නියෝග කරා.
සැකකරුවන් කොටියාට මුගුරුවලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චි අධිකරණය මගින් පොලීසිය වෙත භාර දී තිබෙනවා.