FIFA ලෝක කුසලානයේ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ එංගලන්තය සහ පැනමාව අතර. මෙවර පාපන්දු ලෝක කුසලානයේ කණ්ඩායමක් රස කල වැඩිම ගෝල ගන්න වාර්තා කරන්න එංගලන්තය සමත් වුණා. තරඟය අවසන් වුණේ 6 – 1 විදියට එංගලන්තයට විශිෂ්ඨ ජයක් ඇත කර ගෙන.
තරඟයේ 8 වෙනි මිනිත්තුවේදී John Stones එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරා. 22 වෙනි මිනිත්තුවේදී Harry Kane ඔහුගේ ගෝල දඩයම පටන් ගත්තා. 36 වෙනි මිනිත්තුවේදී Jesse Lingard තවත් ගෝලයක් එංගලන්තයට එකතු කරා. John Stones එංගලන්තය වෙනුවෙන් දෙවෙනි ගෝලය 40 වෙනි මිනිත්තුවේදී වාර්තා කරා.
පළවෙනි අර්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී Harry Kane තවත් ගෝලයක් වාර්තා කරා. පළවෙනි අර්ධය අවසන් වුණේ 5 – 1 ක් විදියට. දෙවෙනි අර්ධයේදී 62 වෙනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරන්න Harry Kane සමත් වුණා. ලෝක කුසලාන තරඟයකදී ගෝල ත්‍රිත්වයක් වාර්තා කල පළවෙනි එංගලන්ත ක්‍රීඩකයා විදියට ඔහු වාර්තාගත වුණා.
පැනමාව ලබා ගත්ත එකම ගෝලය 78 වෙනි මිනිත්තුවේදී Felipe Baloy වාර්තා කරා.
ජපානය සහ සෙනෙගෝල් අතර තරඟය ගෝල 2 – 2 ක් විදියට අවසන් වුණා. පෝලන්තය සහ කොලොම්බියාව අතර තරඟය ගෝල 0 – 3 ක් විදියට කොලොම්බියාව ජය ගත්තා.