News Line| Off Air
Generic placeholder image

Jun
25

දකුණේ ඉඳන් කොළඹට එන දුර ගමන් බස් වර්ජනයක.

526 Views


දකුණේ ඉඳන් කොළඹට එන දුර ගමන් බස් වර්ජනයක.

දකුණේ ඉඳලා කොළඹට දවසට විශාල දුරගමන් බස්රථ ප්‍රමාණයක් එනවා. දකුණේ ඉඳලා කොළඹට විවිධ වැඩ කර ගන්න එන ජනතාව ගොඩක් වෙලාවට එන්නේ මේ බස් වල. හැබැයි අද ඒ විදියට කොළඹට එන්න හිටිය අය අපහසුතාවයකට පත් වුණා.

ඒ දකුණේ සිට කොළඹ බලා පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස් රථ ආරම්භ කරලා තියෙන වැඩ වර්ජනය නිසා. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මොරටුවේ සිට පිටකොටුව දක්වා සීමිත නැවතුම්පළවල් වල බස් නතර කිරීමට දුරගමන් සේවා බස්රථ සඳහා අවසර ලබාදීම නොදීම මේ වර්ජනයට හේතුව වෙලා තියෙනවා.

ගාලූ පාරේ දුර ගමන් සේවා සහ කෙටි ගමන් සේවා බස් රථ අතර මෙම අර්බුධය සති කිහිපයක ඉඳන්ම පවතිනවා.

 


News Articles
Latest Videos
Most Popular Post