News Line| Off Air
Generic placeholder image

Jun
25

මාතර කොල්ලයට සුපිරි ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ගෙනැත්.

1534 Views


මාතර කොල්ලයට සුපිරි ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ගෙනැත්.

පහුගිය දා මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. හැබැයි පොලිසියේ මැදිහත්වීම නිසා ඒ ඔවුන්ට එක සාර්ථක කර ගන්න පුළුවන් වුණේ නෑ. ඒ වගේම මේ කොල්ලයේදී සිදු වුන වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා.

කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ගිනි අවියක් බව සොයාගෙන තියෙනවා. එය මිනිඋෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක්ගි නි අවියක්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිතා කරනවා. මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් විතරයි මේ අවිය නිකුත් කරලා තියෙන්නේ.

ඒ නිසා මේ අවිය පාතාල කල්ලි අතරට ගියේ කොහොමද කියලා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්‍රිය ගිනි අවියයි.

මිනිඋෟෂි වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට අරගෙන තියෙනවා. මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post