News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ඉතිහාසයේ පළවෙනි වතාවට මරණ දණ්ඩනය ලැබුව සිරකරුවෙක්ට ශාස්ශ්‍රපති උපාධියක්.

1306 Views


ඉතිහාසයේ පළවෙනි වතාවට මරණ දණ්ඩනය ලැබුව සිරකරුවෙක්ට ශාස්ශ්‍රපති උපාධියක්.

හරි අධ්‍යාපනයක් නොමැතිකම නිසා මිනිසෙක් සිරගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වරදකට සිරදඬුවම් ලබපු කෙනෙක්ට වුනත් තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්.

මරණීය දණ්ඩනයට නියම වෙලා වැලිකඩ බන්ධනාගාරගත කරලා හිටිය සිරකරුවෙක් ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන තියෙනවා. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ තමයි මේ උපධිය හිමිකරගත් සිරකරුවා.

ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලැබූ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MA) සඳහා පෙනී සිටියා. මෙරට බන්ධනාගාර ඉතිහාසයේ රැඳවියෙකු විසින් උපාධියක් හිමි කර ගත්ත පළවෙනි මේක.

ලෝක බන්ධනාගාර ඉතිහාසය තුළ සිරකරුවන් සිවු දෙනකු සිරගතව සිටින අතරවාරේදී උපාධියක් හිමි කරගෙන තියෙනවා. ඉන්දික බමුණුසිංහ ලෝකයෙන්ම ඒ දස්කම කරපු 5 වෙනියා විදියට වාර්තා අතරට ගියා.


News Articles
Latest Videos
Most Popular Post