News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

යාලුවෝ එක්ක කළ වරදට අහුවුනේ තනියම. ගෙදර එවන්න තරම් බරපතල වුණු, කොදෙව් දුපත් වලදී වැන්ඩසේ කරපු වරද මෙන්න.

4272 Views


යාලුවෝ එක්ක කළ වරදට අහුවුනේ තනියම. ගෙදර එවන්න තරම් බරපතල වුණු, කොදෙව් දුපත් වලදී වැන්ඩසේ කරපු වරද මෙන්න.

පහුගිය දවසක ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කොදෙව් දේශයේ සිට යළිත් ලංකාවට හවරා එවුවා. ඒකට හේතුව විදිහට ක්‍රිකට් ආයතනය සඳහන් කරේ වැන්ඩසේ ක්‍රිකට් ගිවිසුම් කඩ කරමින්, විනය විරෝදී ලෙස කොදෙව් දේශයේ හැසිරුණු නිසා නැවත ලංකාවට එවූ බවයි.

ඇත්තටම ඔහු කොදෙව් දුපත් වල කළ වරද සම්බන්ධව අප සොයා බැලුවා. එවිට අපට දැනගන්න ලැබුනේ ජෙෆ්රි වැන්ඩසේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් යළිත් හෝටලයට පැමිණීම ප්‍රමාද වී ඇති බවයි. නමුත් එදින ජෙෆ්රි එම සමාජ ශාලාවට ගොස් ඇත්තේ කණ්ඩායමේ තවත් සාමාජිකයන් කිහිපදෙනෙකුද සමගයි. අනිත් අය නැවත වෙලාවට හෝටලයට ආවත් ජෙෆ්රිගේ පැමිණීම ප්‍රමාද වීම නිසා මෙලෙස ඔහුට දඩුවම් ලැබිලා තියෙනවා කියලයි අපිට ආරංචි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post