අද ලග්න දෙකක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
795 Views
අද 2018 ජුනි මස 26 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.55 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.05 සිට 04.31 දක්වා
සුභ දිශාව:දකුණු දිශාව
මේෂ ලග්නය

ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08
වෘෂභ ලග්නය

දුරදිග බලා කටයුතු කළහැකි දිනයකි. අයුක්තිය පිටුදකින දිනයකි. සමාජ සේවා කටයුතු යොමුවන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට මෙන්ම කලා කටයුතු වලට ඉතාම දස්කම් දක්වන දිනයකි. ඔබ මුදල් භාවිතයේදී කල්පනාකාරී වන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

තම සෞඛ්‍ය වැඩියෙන් සැළකිලිමත් යුතු දිනයකි. ලෙඩ රෝග වලට නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. ඔබට අද සුභ මංගල යෝග උදාවෙයි. ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. කලට වෙලාවට නිසි ආහාර ගැනීමටද යොමුවිය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කරන දිනයකි. මනා කල්පනාවෙන් යුතුව දිනය ගත කරයි. මනා කණ්ඩායම් හැගීමකින් යුතුව කටයුතු කරන දිනයකි. ව්‍යාපාර කටයුතු වලට සුභ දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

මනා පෞරුෂයකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා කටයුතු වලට වෙහෙසෙන දිනයකි. එමෙන්ම මනා ඉවකින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. කායික ශක්තියද නොමදව පවතින දිනයකි. වියදම් ගැන නම් වැඩි සැලකිල්ලක් දක්වන්න. අලුතින් යමක් මිලදී ගැනීමටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා රන්වන් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

වාණිජ කටයුතු වලට දස්කම් පෙන්වන දිනයකි. නව නිර්මාණ කටයුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට මෙන්ම වෙළදාම් කටයුතු වලට යෝග්‍ය දිනයකි. අය අතරද වෙනදට වඩා ඔබ කැපී පෙනෙන දිනයකි. ඔබේ ධාරණ ශක්තිය දිනයකි. ඔබේ උත්සාහය ඔබට සුභ ඵල ගෙනදේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. ඔබ කරන ඕනෑම කටයුත්තකින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයකි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

ඔබට අද මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අවංකව කටයුතු කරන දිනයකි. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. ඔබේ කුසලතා වෙනදට වඩා ඉස්මතු වන දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 01
ධනු ලග්නය

පාලනයට මනා දස්කම් පෙන්වන දිනයකි. ඔබට අතපසුව තිබු වැඩ නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. අන් අය කෙරෙහි ගෞරවයෙන් යුතුව කටයුතු කරන්න. ඉවසීමෙන් යුතුව වැඩ කරන්න. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. ඔබේ නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 03
මකර ලග්නය

අනවශ්‍ය වියදම් ඉවතලා කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට තනතුරු ලාභ ලැබෙන දිනයකි. නව රැකියා හා ව්‍යාපාර මාර්ග ඇතිවන දිනයකි. අලුතින් යමක් ඉගෙන ගැනීමට යොමුවන දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

ඕනෑම විෂයක් ඉගැන්වීමට හා ඉගෙනගැනීමට අද ඉතාම සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. රෝග පීඩා දුරු කරගතහැකි දිනයකි. සතුරන් මර්දනය කරගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

සමාජයේ වැඩි ගෞරවය ලබාගත හැකි දිනයකි. අන් අය අතර වැඩි ජනප්‍රියත්වයද නොමදව ලැබෙන දිනයකි. අධ්‍යාත්මික ශක්තිය ,මනාව පවතින දිනයකි. එමෙන්ම තමන්ට ලැබෙන වගකීම් මනා ලෙස ඉටු කරන දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829