News Line| Off Air
Generic placeholder image

Jun
26

ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුරූපී නිරූපණ ශිල්පිනිය. – Photo

866 Views


ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුරූපී නිරූපණ ශිල්පිනිය. – Photo

එළිමහන් ක්‍රීඩාවක් කරන තරුණියක් කවදාවත් නිරූපණ ක්‍ෂේත්‍රයට එන්නේ නෑ. මොකද අව්ව් සෙල්ලම් කරලා රූපය ලස්සනට තියා ගන්නවා කියල එක අමාරු වැඩක් නිසා. හැබැයි ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ සුරූපී නිරූපණ ශිල්පිනියක් ඉන්නවා.

ඇය ප්‍රවීනා මල්කි පෙරේරා. ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවක්. ප්‍රවීනට තාම අවුරුදු 22 යි. ඇය ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදී.

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාව විදියටත් වාර්තා අතරට ගිහින් තියෙනවා. ප්‍රවීනාගේ විශේෂත්වය තමයි ඇය නිරූපණ ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා.

“මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ, ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැති වුණා.” පාපන්දු ක්‍රීඩාවට ආපු හැටි ගැන කිව්වේ.

“ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවා” කියලයි ප්‍රවීනා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post