ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර අවසන් ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද අවසන් වුණා. මේ තරඟයේදී පන්දු රකිමින් හිටිය කුසල් ජනිත් අනතුරකට ලක්වුණා.
අනතුරින් අසාධ්‍ය තත්වයට පත්වුන කුසල් ජනිතව ඒ මොහොතේම ගිලන්රථයක් ක්‍රීඩාගාරයට ගෙනාවා ඔහුව රෝහල් ගත කරා. ඔහුගේ අලුත්ම තත්වය ගැන කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශයක් නිකුත් කරා.
“කුසලට කිසිම බරපතල තුවාලයක් නෑ. හැබැයි අපි බලාගෙන ඉන්නවා හෙට උදේ වෙද්දී ඔහුගේ තත්වය කොහොම වෙයිද කියලා. ඊට පස්සේ තීරණය කරනවා ඔහු හෙට ක්‍රීඩා කරනවද නැද්ද කියලා.” කියලයි ගුරුසිංහ කිව්වේ.