සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර අවසන් ටෙස්ට් තරඟයේ 3 වෙනි දවස අද පවත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක් හඹා යන ලංකාව අද දවසට තරඟය නතර කරද්දී ලකුණු 67 ක් ලබාගෙන හිටියා.
මේ අතර කොදෙව් කණ්ඩායම් දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් හිටියදි පන්දු රකිමින් සිටිය කුසල් ජනිත්ට අනතුරක් සිද්ධ වුණා. ඒ ගේබ්‍රියල් එල්ල කර දැවැන්ත උඩපන්දුව 4 සීමාව ආසන්නයේදී රැක ගන්න ගිහින්.
උඩපන්දුව රැකගන්න උත්සහා කල කුසල් 4 සීමාවෙන් එපිට තිබ්බ දැන්වීම් පුවරුවේ වැදී ගිහින් කෙටි තාප්පය අසල වැටෙනවා. ඒ මොහොතේම ගිලන්රතයක් ක්‍රීඩා පිටියට කැඳවලා ඔහුව රෝහල් ගත කරා.
https://streamable.com/o36b9