උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නේ කාලයක් එකම රටක්. හැබැයි කොරියානු යුද්ධයෙන් පස්සේ රටවල් දෙකක් විදියට වෙන් වුණා. ඒ වුනත් ආයෙත් මේ රටවල් දෙකේ මිත්‍රත්වය ඇති වෙලා තියෙනවා.
මේ මිත්‍රත්වය වැඩි කරන්න උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දුම්රිය මාර්ගය යා කරන්න යෝජනා කරලා තියෙනවා. මේ පිළිබඳව දෙරටේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
මීට අවුරුදු 10 කට කලිනුත් දුම්රිය මාර්ග යා කරන්න සාකච්ඡා කරත් ඒවා සාර්ථක වුණේ නෑ. කොරියානු යුද්ධයට කලින් 20 මුල් භාගයේදී දකුණු කොරියාවේ සෝල් නුවර ඉඳන් උතුරු කොරියාවේ පියොංයැං නුවර දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකරලා තිබ්බා.
ආයෙත් මේ මාර්ගය නවීකරණය කරොත් උතුරු කොරියාවට සෝල් නුවර හරහා චීනය, රුසියාව සහ යුරෝපය දක්වා ගමන් කරන්න පුළුවන්.