News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

වෙඩි වරුසා මැද පොලිස් නිලධාරීන් රෝහල්ගත කළ අයට පොලීසියෙන් තෑගී.

1078 Views


වෙඩි වරුසා මැද පොලිස් නිලධාරීන් රෝහල්ගත කළ අයට පොලීසියෙන් තෑගී.

පහුගිය දා මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ල කන්න උත්සහා කරා. ඒ වෙලාවේ පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වුණා. මේ වෙඩි ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා.

වෙඩි වැඩි තුවාල වුන පොලිස් නිලධාරීන්ව වෙඩි වරුසා මැද්දෙම පුද්ගලයින් කිහිප දෙනෙක් රෝහල් ගත කරලා තිබ්බා. මේ නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ගේම ජීවිත බේරා ගන්න පුළුවන් වුණා.

තමන්ගේ ජීවිත ගැනත් නොසිතා පොලිස් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් පුද්ගලයින්ට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට එන්න කියලා පොලීසිය ඉල්ලීමක් කරනවා. මේ වෙද්දී එක පුද්ගලයෙක් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

අනෙක් පුද්ගලයින් දෙදෙනාටද පැමිණෙන්න කියලා පොලීසිය ඉල්ලා සිටිනවා. ඒ පුද්ගලයින් ඇගයීම වෙනුවෙන් ඔවුන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග ලබා දීමටද පොලිසිය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post