News Line| Off Air
Generic placeholder image

Jun
27

චින්තන ධර්මදාස එක්ක ආරවුලකින් පස්සේ Black සංගීත කණ්ඩායමේ රනිල් අමිර්තයියා මෙලෝ රහක් නැති සින්දුවක් කරයි.

1584 Views


චින්තන ධර්මදාස එක්ක ආරවුලකින් පස්සේ Black සංගීත කණ්ඩායමේ රනිල් අමිර්තයියා මෙලෝ රහක් නැති සින්දුවක් කරයි.

Black සංගීත කණ්ඩායමේ රනිල් හා චින්තන ධර්මදාස එක්ක ආරවුලක් ඇති වී තියෙන බව පහුගිය සතිවල සමාජ ජාල වල පැතිරිලා තිබුණා. ඒ නිර්මාණ කටයුත්තකට Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියා, චින්තන ධර්මදාස මුණගැහෙන්න ගියපු වෙලාවක කියලයි ආරංචි වුණේ. රනිල් අමිර්තයියා ඔහුගේ Facebook ගිණුමේ මේ ගැන පිදාලා තිබුණා. මේ ආරවුල ගැන ළඟදීම මාධ්‍යට හෙළිකරනව කියලයි දෙන්නම කියල තිබ්බේ.

ඉතින් අද වෙද්දී මේ ගැටුමේ ඇත්තම හේතුව හෙළිවෙලා තියෙනවා. දෙන්න මේ වැඩේ කරලා තියෙන්න Black සංගීත කණ්ඩායමේ ප්‍රධානී රනිල් අමිර්තයියාගේ අලුත් සින්දුවේ පූර්ව ප්‍රචාරක වැඩක් විදිහට. ඉතින් මේ සින්දුව ඊයේ එළිදක්වල තිබුණා. අලුත්ම වෙනසක් එක්ක කරළියට ආව මේ සින්දුව හු නම් කරල තියෙන්නේ ”මෙලෝ රහක් නැති සින්දුවක්” කියල. මේ සින්දුවේ පද රචනය කරල තියෙන්නේ චින්තන ධර්මදාස විසින්. ඒවගේම මේ සින්දුවට සංගීතය සපයන්නේ Black සංගීත කණ්ඩායම විසින්මයි.

මේ තියෙන්නේ ඒ මෙලෝ රහක් නැති සින්දුව…


News Articles
Latest Videos
Most Popular Post