News Line| Off Air
Generic placeholder image

Jun
27

විවාහ වෙලා අවුරුදු 10 කට පස්සේ නිරෝෂා තලගල විවාහ ඡායාරූප ප්‍රසිද්ධ කරන්න ලෑස්තිවෙයි.

1535 Views


විවාහ වෙලා අවුරුදු 10 කට පස්සේ නිරෝෂා තලගල විවාහ ඡායාරූප ප්‍රසිද්ධ කරන්න ලෑස්තිවෙයි.

නිරෝෂා තලගල කියන්නේ ප්‍රසංග වේදිකාවේදී නර්තනයෙන් ඔබට හමුවෙන කෙනෙක්. ඒ වගේම මේ දවස්වල ඇය රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය කිහිපයක්‌ද විකාශය වෙනවා. ඒ නිසාම ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. පහුගිය සතියේ නිරෝෂා තලගලගේ විවාහ සංවත්සරය වගේම උපන් දිනයත් යෙදිලා තිබුණා. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ඇය සති අන්ත පුවත්පතකට ඇය කියල තිබුණේ මේ විදිහට…

මේ දවස්‌වල ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක්‌ විකාශය වෙනවා?

කෝටිපතියෝ, මාද නුඹමයි ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒවායේ රූපගත කිරීම් කෙරීගෙන යනවා. අහිමි, ඉන්ද්‍ර චාපා සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයක වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා අලුතින්.

ඔබ චිත්‍රපට වලට සම්බන්ධ වුණේ නැද්ද?

රජදහන කියන චිත්‍රපටය සහ තවත් චිත්‍රපට කිහිපයක වැඩකටයුතු අවසන් කළා. ඉදිරියේදී තිරගත වේවි.

මේ වැඩ නිසාද ඇනිවසරි එක වැඩි සද්දයක්‌ නැතුව සැමරුවේ?

එහෙමමත් නෙමෙයි.

මේ කී වැනි සංවත්සරයද?

දහය. දැන් අවුරුදු දහයක්‌ වෙනවා.

ආදර කතාවටද? විවාහයටද?

විවාහ වෙලා අවුරුදු දහයක්‌ දැන්.

කොහොමද සමරන්න හිතුවේ?

එහෙම නෑ ඉතිං. හැම පාරම මෙහෙම තමයි ඉතිං. මම එයාට කේක්‌ එකක්‌ යවනවා. අපි දෙන්නා තනියම කේක්‌ කපලා සමරනවා. මේ පාර අවුරුදු දහය නිසා ඒගොල්ලන්ගේ ගෙදරින් සප්‍රයිස්‌ කේක්‌ එවලා තිබුණා.

පාටි එකක්‌ නැද්ද?

මගේ ඉතිං එහෙම ලොකු පාටි දාන වගේ දේවල් නැහැනේ.

ඔබේ සැමියා ලංකාවට ආව නේද?

ආවා.. ආවා.. දැන් ලංකාවේ ඉන්නේ. ආයේ එයා යන්නේ නෑ.

මොනවද කරන්න හිතාගෙන ඉන්නේ දෙන්නත් එක්‌ක?

මම නං මොනවා වුණත් එයා කරන දේවල්වලට මැදිහත් වෙන්න යන්නේ නෑ. මොකද මට ඒවා තේරෙන්නේ නෑ. මං දන්නේ මේ නර්තනයයි රඟපාන එකයි තමයි. එයා ඉතිං කල්පනා කරලා මොනවා හරි දෙයක්‌ කරයි.

බොහෝ කලා ශිල්පීන් විශේෂ අවස්‌ථා සමරන්න ලොකු උත්සව සංවිධාන කරනවා…

මගේ ළඟම ඉන්න අය දෙතුන් දෙනෙක්‌ එක්‌ක කේක්‌ එකක්‌ කපනවා වගේ දෙයක්‌ කළොත් ඇරෙන්න ලොකු උත්සවවලට මගේ ආසාවක්‌ නැහැ. දාන මාන දෙන පිංකම් කරනවා. පාටි කිව්වම මට මහා ගාලගෝට්‌ටියක්‌ වගේ දැනෙන්නේ. ඒ නිසා මට එකට ලොකු කැමැත්තක්‌ නැහැ.

හිතෙන්නේ නැද්ද දැන් දෙන්නා තුන්දෙනා වෙන්න කාලේ හරි කියලා?

එහෙමත් හිතෙනවා. බලමුකෝ ඉස්‌සරහට නේද……

ඔබේ සැමියා නිෂ්පාදනය පැත්තට යොමු වෙන්න එහෙම අදහසක්‌ නැද්ද?

අනේ නැහැ. එයා කැමතිත් නැහැ. මම කැමතිත් නැහැ එයා ඒ පැත්තට යොමු වෙනවට.

ඇයි ඔබ අකමැති?

මම හැම තිස්‌සෙම ඉන්නේ එහෙම පරිසරයක. ගෙදරත් එහෙම වෙනවට මම කැමති නෑ. ගෙදර නිදහසත් නැතිවෙන වැඩක්‌ ඒක.

කොහොමද ඔබේ නර්තන කණ්‌ඩායම?

මම වැඩිපුරම වැඩ කළේ මේ අවුරුද්දේ. පහුගිය ටිකේ දිගටම වගේ ෂෝස්‌ කළා. ඇත්තටම මට හොඳ ගෝලයෝ ටිකක්‌ ඉන්නවා. ටීම් එකේ ළමයි දෙන්නෙක්‌ විතර අයින් වුණා. දැන් ඒ වෙනුවට අලුත් අය අරං ඉන්නවා. ඉතිං ඔය විදිහට වැඩ කරගෙන යනවා.

විදෙස්‌ සංචාරවලට සහභාගී වුණේ නැද්ද මේ ටිකේ?

නෑ.. නොගිය එකම හේතුව මම ලංකවේ භාරගත්ත ෂෝස්‌ එක්‌ක විදෙස්‌ ගතවෙලා පහුගිය ටිකේ කාලය වැය කරන්න පුළුවන් කමක්‌ තිබුණේ නැති නිසා.

ළඟදී මනාලියක්‌ විදිහට සැරසෙන්න යනවා කියලා ආරංචියි?

එහෙම ආරාධනා හුඟක්‌ ලැබුණා. නමුත් අප්‍රේල්, මැයි, ජුනි කියන්නේ මම හුඟක්‌ කාර්ය බහුල වුණ මාස කිහිපයක්‌. ඒකත් එක්‌ක තමයි ඒ අරාධනා කල් දැම්මේ. හැබැයි ඇනිවසරි එක පහුවුණා වුණත් ලැබුණ ආරාධනා ගැන සලකලා බලන්නයි හිතාගෙන ඉන්නේ. තව සති දෙක තුනකින් දැකගන්න පුළුවන් වෙයි මම සහ සැමියා මනාල යුවළක්‌ ලෙස සැරසුණු ඡායාරූප.

ඔබේ සැමියා ලංකාවට ආපු වෙලාවේ ඔබට හිතුනේ නැද්ද දෙන්නත් එක්‌ක රට ගියා නං හොඳයි කියලා?

හිතිලා තියෙනවා. හැබැයි මගේ සැමියා කලාව අගය කරන කෙනෙක්‌. එයා තමයි මාව නර්තන ශිල්පිනියක්‌ විදිහට කටයුතු කරද්දී රංගන ශිල්පිනියක්‌ කළේ. මම නර්තනයෙන් කොයිතරම් ජීවිතය කොච්චර විඳිනවද කියලා එයා දන්නවා. ඉතිං වෙන රටකට ගිහිල්ලා මගේ ඒ දේවල් මට අහිමි කරන්න එයා කැමති නෑ. සිද්ධ වෙන දේවල් එක්‌ක එහෙම හිතුන වාර නම් අනන්තයි ඉතිං.

ඒ කියන්නේ කලකිරීම් තියෙනවා?

ඔව් ඇත්තටම. මොන ක්‍ෂේත්‍රය ගත්තත්, නර්තන ශිල්පිනියක්‌ විදිහට ඒ ක්‍ෂේත්‍රය ගත්තත්, රංගන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරගෙන යැමේදී පවා තියෙන අපහසුතා නං එමටයි. ඉතිං මේ ක්‍ෂේත්‍ර දෙකේදීම මම ජීවිතය වින්දා වුණත්, මගේ වෘත්තීය වුණත්, මම හම්බ කළා උනත් කලකිරීම් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post