News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

“මම පෙම්වතියක්‌ නෙමෙයි. තවම තනිකඩයි. කෙනෙකුට හිතින් ආදරය කරනවා.” – පියුමි හංසමාලි ඇත්ත කතා කරයි…

1078 Views


“මම පෙම්වතියක්‌ නෙමෙයි. තවම තනිකඩයි. කෙනෙකුට හිතින් ආදරය කරනවා.” – පියුමි හංසමාලි ඇත්ත කතා කරයි…

පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහට ලක්‌වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන් එකකුත් පටන්ගන්න හදනවලු. සැලෝන් එක ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට ඇය කියල තිබුණා.

පියුමි හංසමාලිට වස්‌සානයේ සඳ පායලා වගෙයි ?
ඇත්තටම වස්‌සානයේ සඳ චිත්‍රපටය හින්දා ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් චිත්‍රපටය හින්දා මිනිස්‌සු මං ගැන කතාබහ වෙනවා.

උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?
ඒක මම ලබපු වාසනාවක්‌. මම හිතනවා මම හරි ලකී කියලා.

වස්‌සානයේ සඳ චිත්‍රපටයේ නම් පියුම් හරි අහිංසකයි ?
මම හිතන විදිහට අහිංසක චරිතත් රඟපාන්න පුළුවන්. මිනිස්‌සු මට නෙමෙයි ආදරය කළේ මිහිරිට.

සැබෑ ජීවිතයේ පියුමි මිහිරි වගේ නෙමෙයිද?
චුට්‌ටක්‌ දඟකාරයි. ලොකු චේන්ජ් එකක්‌ නැහැ.

පියුමිට සැබෑවටත් මිහිරි වගේ ඉන්න බැරිද?
එහෙම අහිංසක වෙන්න ඕනෑ නැහැ. මේ මම ඉන්න විදිහ හොඳටම හොඳයි. සැබෑ ජීවිතයෙත් මම ඇත්තටම අහිංසකයි. මිනිස්‌සු මාව මනින්නේ අඳින පළඳින විදිහටනේ. අනික මම අහිංසකද නැතිද කියලා මිනිස්‌සුන්ට පෙන්වන්න වුවමනාවක්‌ නැහැ.

චන්දිමාල්ගේ පාටියේ ඇඳපු ඇඳුම හින්දත් පියුමි හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා?
පසුගිය කාලේ මිනිස්‌සු චන්දිමාල්ගේ රෝයල් පාටියට ඇඳපු ඇඳුම ගැන කතා කරනවා. ඇයි පියුමි හංසමාලි රඟපාන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ගැන කතා කරන්නේ නැත්තේ.

පියුමිට ඒ ඇඳුම ගැලපෙන්නේ නැහැ කියලා හිතුණේ නැතිද?
ඒ කියන්නේ මිනිස්‌සු ඒ තරමටම පහත් තත්ත්වයට වැටිලා. වස්‌සානයේ සඳ වැනි හොඳ නිර්මාණයක්‌ ගැන කතා නොකර මේ ඇඳුමක්‌ දිහා එල්ලි එල්ලි නටන්නේ චීත්ත අඳින නිවේදකයෝ. හරිම ලැඡ්ජයි. ගැහැණියකගේ ඇඳුමක්‌ අල්ලාගෙන දඟලනවා.

පියුමි හංසමාලිට චිත්‍රපට රැසකට ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?
චිත්‍රපට ගොඩකට ආරාධනා ලැබුණා. මම ඒ එකක්‌වත් භාර ගත්තේ නැහැ.

ඇයි ඒ ?
මම ගොඩක්‌ කාර්යබහුලයි. චිත්‍රපට භාරගෙන කරන්න වෙලාවක්‌ නැහැ. හොඳයි කියලා හිතුණොත් විතරක්‌ මම රඟපානවා.

පියුමි ව්‍යාපාරිකාවක්‌ කියලද කියන්නේ ?
තවම නැහැ. එහෙම වෙන්න තමයි සූදානම් වෙන්නේ.

ළඟදීම සැලෝන් එක පටන්ගන්නවාද?
දැන්ම ඒ ගැන වැඩි විස්‌තර වුවමනා නැහැ. වෙලාව ආවහම හැමදේම කියන්නම්.

පියුමි හංසමාලි පෙම්වතියක්‌ කියලත් කතා පැතිරයනවා?
අනේ සැබෑ ජීවිතයේ ඔය වගේ ආරංචි පැතිරුණාට මම පෙම්වතියක්‌ නෙමෙයි. තවම තනිකඩයි. කෙනෙකුට හිතින් ආදරය කරනවා.

පියුමි දැන් ආදරය විඳින්නේ නැහැ ?
නැහැ. මම විඳවනවා.

ඇයි එහෙම කියන්නේ ?
ජීවිතයේ විඳීම් විඳවීම් කියන දෙකම තියෙනවානේ. කාලයක් හොඳටම ආදරය වින්දා. දැන් ඒකෙන් හොඳටම මට්‌ටුවෙලා ආදරය එපා කියන තැන තමයි ඉන්නේ. පෙම්වතියක්‌ නෙමෙයි. ඒක ලොකුවටම දාන්න.

ආයෙමත් විවාහයක්‌ ගැන හිතන්නේ නැහැ ?
තව අවුරුද්දකින් දෙකකින් විතර ඒ ගැන කතා කරමු නේද?

සැලෝන් එකක්‌ පටන් ගත්තේ වෘත්තීය නිළියක්‌ වෙන්න කැමැති නැතිද?
නැහැ. මම ආසා නැහැ.

එහෙනම් රඟපෑමට ආවේ ඇයි ?
මගේ වෘත්තිය මෝස්‌තර නිරූපණය. රඟපාන්න, ජනප්‍රිය වෙන්න මගේ හිතේ තිබුණ ආසාවන් නෙමෙයි. උදයකාන්ත අයියා චිත්‍රපටයට කතා කළා. ආසාවෙන් භාරගත්තා මිසක්‌ මම වෘත්තීය නිළියක්‌ කියන තැන නැහැ.

නිරූපණයෙනුත් ඈත්වෙලාද?
මම නිරූපණයෙනුත් ඈත්වුණා. බොහොම සයිලන්ස්‌ එකේ පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්නවා.

ඇයි මේ සයිලන්ස්‌ වෙලා ?
මොඩ්ලින්වලින් මම ජාත්‍යන්තරයට ගියා. ඉතිං මට ඇති. මොඩ්ලින්වල වගේ නෙමෙයි චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ටිකක්‌ අමාරුයි. අපිව වැඩකට ගන්න ගියොත් එක එක නිළියෝ අධ්‍යක්‍ෂවරුන්ට කියනවා අනේ ඒ නිළිය ගන්න එපා කියලා. කලකිරිලා තියෙන්නේ. අධ්‍යක්‍ෂකට ඕනෑනම් පියුමි හංසමාලිව දාලා චිත්‍රපටයක්‌ කරන්න ඒ අධ්‍යක්‍ෂවරයා මාව ගනීවි. නැතිව මේ සමහර මුට්‌ටි අල්ලන නිළියෝ එක්‌ක නම් රඟපාන්න හරිම අමාරුයි.

පියුමිට නිළියන්ගෙන් කැපිලි තියෙන පාටයි ?
අපොයි ගොඩක්‌ කැපිලි කෙටිලි තියෙනවා. ඕනෑ කෙනෙකුට තරහකාරයෝ ඉන්නවා. මට තරහකාරයෝ වැඩියි.

ඇයි මේ තරහකාරයෝ වැඩි ?
මම දන්නේ නැහැ. හැබැයි මම වැඩිය රඟපාන්නෙත් නෑ. මම හරි ජනප්‍රියයි. ගොඩක්‌ කට්‌ටිය මං ගැන හොයනවා.

පියුමි රඟපාන්න ආවාට ගොඩක්‌ නිළියෝ කැමැති නැහැ. එහෙමද?
කැමැති නැහැ. මොකද මේ චිත්‍රපටයටත් මට ගොඩක්‌ කැපිලි තිබුණා.

ඒක හින්දාද මේ දේවල් පැත්තකට දාලා සැලෝන් එකක්‌ පටන් ගන්න හිතුවේ ?
එහෙම නැහැ. මම අකැමැති කට්‌ටිය ගැන කොහෙත්ම අදාලත්වයක්‌ නැහැ. මම පියුමි හංසමාලිනේ. රඟපාන කට්‌ටිය රඟපාලා ජීවත්වෙච්චාවේ. මට ඒක කොහෙත්ම අදාලත්වයක්‌ නැහැ. මට කලකිරෙන්නේ මිනිස්‌සු ගැන.

මේ ඔක්‌කොම ප්‍රශ්න ඔයාගේ කටහින්දා කියලත් කියනවා?
ඒ මගේ විදිහ.

හැසිරෙන විදිහ වෙනස්‌ කළානම් හොඳයි නේද?
කොහෙත්ම නැහැ. මගෙත් එක්‌ක හරියට කතා කළොත් මම ඒ මනුස්‌සයා එක්‌ක හරියට කතා කරනවා. බොරු දේවල් අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගත්තොත් මට කේන්ති යනවා. මාව ආශ්‍රය කරන අය දන්නවා පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා. ලෝකයාට පෙන්වන්න වුවමනා නැහැ මම කවුද කියලා.


News Articles
Latest Videos
Most Popular Post