News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

රන්බීර් – ආලියා විවාහය 2020 වසර වෙනකන් කල් දාන හේතුව කියයි…

890 Views


රන්බීර් – ආලියා විවාහය 2020 වසර වෙනකන් කල් දාන හේතුව කියයි…

රන්බීර් කපූර්ගේ කලින් පෙම්වතිය වුණේ කත්‍රිනා කයිෆ්. එත් රන්බිර්ගේ දැන් පෙම්වතිය වෙන්නේ සුපිරි බොලිවුඩ් නිළි ආලියා භාත්. ආලියා තමාගේ විවාහය 2020 වසර වෙනකන් කල් දාන්න බලාපොරොත්තු වෙනවා කියල බොලිවුඩ් සිනමා වෙබ් අඩවියකට කියල තියෙනවා.

මේ වෙද්දී ආලියා ඉතාමත් ජනප්‍රිය වුණ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට ඇයගේ සිනමා දිවියේ තව තවත් ඉහළ මට්ටමකට ළං විය හැකි චිත්‍රපට කිහිපයකටත් එකතු වෙනවා කියලයි ඇය කියන්නේ. මේ නිසා ඇයගේ විවාහය කල් දාන්න කල්පනා කරලා තියෙනවා.

ඉතින් ඒ ගැන ආලියා කියන්නේ මේ වගේ දෙයක්.

“මම දැන් ඉන්නේ මගේ සිනමා දිවියේ උපරිම තැන. ඉදිරියේදී මා දායක වුණ චිත්‍රපට බොහෝමයක් තව ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. සමහරවිට ඒ චිත්‍රපට චරිත හරහා මගේ වටිනාකම තව තවත් ඉහළ යන්න පුළුවන්… ඒ නිසා මගේ විවාහය ඒ වෙනුවෙන් ටික කාලයකට කල් දමනවා. 2020 වසර ඒකට හොඳම කාලය කියලා මම හිතනවා…”


News Articles
Latest Videos
Most Popular Post