පසුගියදා මාතරදී ඇතිවුන සිදුවීමේදී වෙඩිවැදුනු පොලින් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කල තරුණයින් 05 දෙනෙක් ගැන අපි මිට කලින් ඔබට කිව්වා. ඒ අයගෙන් එක් අයකුට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පොලිස්පති තුමන් පිරිනැමුවා. ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වපු ගයාන් චානක තරුණයා මාධ්‍යට කියපු කතාව තමයි මේ.
ඔහුගේ මව දස සිල් මෑණියන කෙනෙක්. ඔහුගේ මව රිය අනතුරකට ලක්වූන වෙලාවේදී ඔහුගේ මවට කිසිවෙකුගේ උදව්වක් නොලැබුණු නිසා ඇය මියගිහින්. මේ හේතුව නිසා අදාළ පොලිස් නිළධාරියා වෙඩි වැදීල හිටපු වෙලාවේ අහක බලාගෙන යන්න ඔහුට හිතිලා නෑ. ඉතින් මේ නිසා ඒ අයට කඩිනමින් උදව් කිලා කියලයි ඔහු කියන්නේ.