IPL ක්රිකට් සැණකෙළියට නොදෙවිනි සුපිරි ක්රිකට් සැණකෙළියක් ඊයේ ආරම්භ වුණා. ඒ Global T20 Canada තරඟාවලිය. කණ්ඩායම් 6 ක් තරඟ වදින මේ තරඟාවලියේ පළවෙනි තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ක්රිස් ගේල් නායකත්වය දරන Vancouver Knights කණ්ඩායම සහ ඩැරන් සැමී නායකත්වය දරන Toronto Nationals කණ්ඩායම අතර.
කාසියේ වාසිය දිනා ගත්ත Toronto Nationals කණ්ඩායම මුලින්ම පන්දු රකින්න තීරණය කරා. පළවෙනි පන්දුවේ ඉඳන්ම උද්වේගකාරී T20 උණුසුම තරඟය පුරාම අත්විදින්න ලැබුණා. ගේල් ලකුණු 17 කට දැවී ගියා. වැන් ඩර් ඩුසේන් ලකුණු 25 යි. සුපිරි ඉනිමක් ක්රීඩා කල ලෙවිස් ලකුණු 96 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 10 ක් ඇතුලත් වුණා.
වේගවත් ඉනිමක් ක්රීඩා කල ඇන්ඩෘ රසෙල් පන්දු 20 කදී නොදැවී ලකුණු 54 යි. ඒ 4 පහර 3 ක් සහ 6 පහර 6 ක් සමඟින්. පන්දුවාර 20 අවසානයේ Vancouver Knights කණ්ඩායම ලකුණු 227 ක් ලබා ගත්තා. ඒ කඩුලු 4 ක් දැවී. නිකිල් ඩුට්ටා කඩුලු 2 යි.
ලකුණු 228 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය Toronto Nationals කණ්ඩායම පන්දුවාර 19 කදී ජයග්රහණය ලබා ගත්තා. චාල්ස් පන්දු 12 කදී ලකුණු 30 යි. ස්ටීවන් ස්මිත් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ 4 පහර 8 ක් සහ 6 පහරක් සමඟින්. Toronto Nationals කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගිය Devcich නොදැවී ලකුණු 92 යි. ඔහුගේ ඉනිම 4 පහර 10 කින් සහ 6 පහර 6 කින් වර්ණවත් වුණා
පන්දු යැවීමේදී ටීම් සවුති, සාද් බින් සෆාර්, ෆාවඩ් අහමඩ් සහ ඇන්ඩෘ රසෙල් එක කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා Anton Devcich.
https://youtu.be/kvdMAX2a1u0