FIFA ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ කිහිපයක් ඊයේ පැවැත් වුණා. H කාණ්ඩයේ තරඟයක් සෙනෙගෝල් සහ කොලොම්බියාව අතර පැවැත් වුණා. මේ තරඟය ගෝල 0 – 1 ක් විදියට ජය ගන්න කොලොම්බියාව සමත් වුණා.
H කාණ්ඩයේම තවත් තරඟයක් ජපානය සහ පෝලන්තය අතර පැවැත් වුණා. පළවෙනි අර්ධයේ එකදු ගෝලයක්වත් ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වුණා. දෙවෙනි අර්ධයේ 59 වෙනි මිනිත්තුවේදී පෝලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරන්න Jan Bednarak සමත් වුණා. ඒ අනුව තරඟය ගෝල 0 – 1 ක් විදියට ජය ගන්න පෝලන්තය සමත් වුණා.
එංගලන්තය සහ බෙල්ජියම අතර තරඟයේ සුපිරි එංගලන්ත කණ්ඩායම පරාජය කරන්න බෙල්ජියම් කණ්ඩායම් සමත් වුණා. බෙල්ජියම වෙනුවෙන් Adnan Januzaj වාර්තා කරා. එංගලන්තයට කිසිම ගෝලයක් වාර්තා කරන්න හැකියාව ලැබුණේ නෑ.
පැනමාව සහ ටියුනීසියාව අතර G කාණ්ඩයේ තරඟයක් ඊයේ පැවැත් වුණා. තියුණු තරඟයක් වුන මේ තරඟයේදී පළවෙනි අරධයේදී ගෝලයක් වාර්තා කරන්න පැනමාව සමත් වුණා. දෙවෙනි අර්ධයේදී ක්‍රියාත්මක වුන ටියුනීසියාව ගෝල 2 ක් ලබා ගෙන තරඟය ජයග්‍රහණය කරා.
https://youtu.be/nc9zirKrT0Q