News Line| Off Air
Generic placeholder image

Jun
29

ජනප්‍රියම සම්මානය සියතට ගන්න, අරවින්දට සහ සියතට මනාපය පළකරන්න.

9984 Views


ජනප්‍රියම සම්මානය සියතට ගන්න, අරවින්දට සහ සියතට මනාපය පළකරන්න.

2018 සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප‍්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහා මාධ්‍ය කේෂ්ත‍්‍රය නියෝජනය කරමින් නිර්දේශ වූ සියත FM හි අරවින්ද ලොකුගේ සහ ජනප‍්‍රියම රේඩියෝ නාලිකාව සඳහා නිර්දේශ වූ සියත FM වෙත ඔබේ මනාපය පළ කිරීමට තවදුරටත් අවස්ථාව පවතිනවා. මේ සඳහා ඔබ කළ යුත්තේ පහත දක්වා ඇති උපදෙස් පිළිවෙලින් අනුගමනය කර, ඔබේ වටිනා මනාපය අප වෙත පළකිරීමයි.

මේ Link එක Click කරන්න.

http://www.smday.lk/voting.php

 

Most Popular Radio On Social Media Category එකට යන්න. (11 වන Category එක) Select මත Click කර මුලින්ම ඇති සියත FM  තෝරාගන්න. ඔබේ නම දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න. (Eg – 123456789V ) පසුව Submit කරන්න.

Most Popular Personality On Social Media Category එකට යන්න. (4 වන Category එක) Select මත Click කර අවසානයට ඇති අරවින්ද ලොකුගේ තෝරාගන්න. ඔබේ නම දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න. (Eg – 123456789V ) පසුව Submit කරන්න.

ජනප‍්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සදහා නිර්දේශ වූ අවසන් 06 දෙනා අතරට අරවින්ද ලොකුගේ සමග කුමාර සංගක්කාර මහේල ජයවර්ධන වැනි ජනාදරය දිනා ගත් සුපිරි තරු ඇතුළත් වෙනවා.

මේ ගැන මෙරට ජනපි‍්‍රය ෆේස්බුක් පිටු අරවින්ද ලොකුගේ මහතාගෙන් අදහස් විමසා සිටියා. ඒ වෙලාවේ ඔහු කිව්වේ සම්මානය ජයග‍්‍රහණය කලත්, නැතත් මේ තරඟය තුළ ඉන්න අනික් තරඟකරුවන්ගේ ප‍්‍රතිභාව සහ දිප්තිය තමාට වටිනාකමක් ලැබීමට ප‍්‍රමාණවත් කියලයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රේඩියෝ නාලිකා 54 කට අධික ප‍්‍රමාණයක් අතුරින් මෙම සම්මාන උලෙළට නිර්දේශ වෙලා තියෙන්නේ ලංකාවේ ජනප‍්‍රියතම ගුවන් විදුලි නාලිකා 06 ක් විතරයි.

මේ අතර 2018 සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප‍්‍රියම රේඩියෝ නාලිකාව විදිහට සියත FM නිර්දේශ වීම ගැන දිවයින පුරා මෙන්ම ලොව පුරා ඉන්න සියත FM අසන්නන් මේ වෙද්දී අපට සුභ පැතුම් එක් කරමින් ඉන්නවා.

https://youtu.be/wxQzn-WHRFo


News Articles
Latest Videos
Most Popular Post