News Line| Off Air
Generic placeholder image

Jun
29

සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මාසයේදී.

846 Views


සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මාසයේදී.

චන්ද්‍රග්‍රහණයක් කියන්නේ පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටීම නිසා චන්ද්‍රයා වැසි යාම. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණ කිහිපයක් අවුරුද්දකට වෙනවා. හැබැයි ලබන මාසයේ තියෙන චන්ද්‍රග්‍රහණය මේ සියවසේ තියෙන සුවිශේෂීම චන්ද්‍රග්‍රහණයක්.

එකට හේතුව තමයි සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මස 27වන දින දර්ශනය වෙනවා. මේ චන්ද්‍රග්‍රහණයට පැයකුත් විනාඩි 45ක කාලයක් ගත වෙනවා කියලා නාසා ආයතනය පවසනවා. “ලෝහිත චන්ද්‍රග්‍රහණය” කියලා තමයි මේ චන්ද්‍රග්‍රහණය නම් කරලා තියෙන්නේ.

ඉදිරි වසර 82 තුළ දක්නට ලැබෙන වඩාත්ම දීප්තිමත් පූර්ණ චන්ද්‍රග්‍රහණය මේක. මේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා රතු පාටින් දිස්වන බැවින් බ්ලඩ් මූන් හෙවත් ලෝහිත සඳ ලෙස හඳුන්වනවා. ජූලි 27 වනදා පස්වරුවේ ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ 28 වනදා අලුයම් කාලයේ.

බටහිර අප්‍රිකාව, නැගෙනහිර ආසියාව හා දකුණු ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය හොඳින් දර්ශනය වෙනවා. හැබැයි මේ චන්ද්‍රග්‍රහණය උතුරු ඇමරිකාවට හා ඇමරිකානු එක්සත්ජනපදයට දර්ශනය වෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post