News Line| Off Air
Generic placeholder image

Jun
30

IPL පරදන Global T20 තරඟාවලියේදී මාලිංග වැඩ පෙන්නපු හැටි. – Video

5904 Views


IPL පරදන Global T20 තරඟාවලියේදී මාලිංග වැඩ පෙන්නපු හැටි. – Video

IPL වලට නොදෙවෙනි Global T20 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ ලසිත් මාලිංග නායකත්වය දරන Montreal Tigers කණ්ඩායම හා DJ බ්‍රාවෝ නායකත්වය දරන Winnipeg Hawks කණ්ඩායම අතර.

කාසියේ වාසිය දිනා ගත්ත ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහර දෙන්න Winnipeg Hawks කණ්ඩායමට ආරාධනා කරා. සයිමන්ස් ලකුණු 36 යි. ඩේවිඩ් වෝනර් ලසිත් මාලිංගගේ පන්දුවකට දැවී ගියා. බෙන් ලකුණු 68 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහරක් ඇතුලත් වුණා. ඩැරන් බ්‍රාවෝ වේගවත් ලකුණු 54 ක් රැස් කරා.

ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 35 යි. කාලෙකට පස්සේ T20 පිටියට ආව ලසිත් මාලිංග සුපිරි පන්දු යැවීමක නිරත වුණා. ඔහු ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත්තා. කූපර් සහ වෝකර් එක කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දුවාර 20 අවසානයේ Winnipeg Hawks ලකුණු 203 ක් ලබා ගත්තා. ඒ කඩුලු 4 ක් දැවී.

ලකුණු 204 ක් හඹා ගිය Montreal Tigers කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 157 ක් විතරයි. සුනිල් නරයින් ලකුණු 20 යි. වෝකර් ලකුණු 26 යි. සිකන්දර් රාසා ලකුණු 30 ක් ලබා ගත්තා. ඈෂ්ලි නර්ස් ලකුණු 26 යි. පන්දුවාර 18.5 කදී Montreal Tigers කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියා.

ජුනයිඩ් සිද්ධික් සහ DJ බ්‍රාවෝ කඩුලු 3 බැගින් දවා ගත්තා. අලී ඛාන් කඩුලු 2 යි. Winnipeg Hawks කණ්ඩායමට ලකුණු 46 ක් ජයක් අත්වුණා. තරඟයේ වීරයා Ben McDermott.

https://youtu.be/HN49JJv4XIw


News Articles
Latest Videos
Most Popular Post