News Line| Off Air
Generic placeholder image

Jul
1

ඇමෙරිකාවට එරෙහිව කැනඩාවත් එකට එක කරයි. ඇමෙරිකාව වැඩ වරදින ලකුණු.

791 Views


ඇමෙරිකාවට එරෙහිව කැනඩාවත් එකට එක කරයි. ඇමෙරිකාව වැඩ වරදින ලකුණු.

ඩොනල් ට්‍රම්ප් පහුගිය දා තවත් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ඇමෙරිකාවේ වානේ සහ ඇලුමීනියම් ආනයන මත නව තීරු බදු පනවන්න. ඇමෙරිකාවේ මේ තීරණයට ඔවුන්ගේ හොඳම යාළුවන් වුන යුරෝපා සංගමයත් විරුද්ධ වුණා.

දැන් අමෙරිකාව වානේ සහ ඇලුමීනියම් ආනයන මත පැනවූ නව තීරු බදු වලට තමන් යටත් නොවන බව කැනඩාවත් ප්‍රකාශ කරනවා. කැනඩා විදේශ අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කියා සිටියේ තම රට තුළින් ඇලුමීනියම් සහ වානේ අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරනවා ;කියලා.

ඒ සඳහා දේශීය වානේ සහ ඇලුමීනියම් කර්මාන්තකරුවනට සිය නිලධාරීන් නව පැකේජයන් හඳුන්වා දී ඇතැයි ද ඇය කියා සිටියා. එකට එක කිරීමක් ලෙස අමෙරිකානු නිෂ්පාදන මත කැනඩාව පැනවූ තීරු බදු අද සිට ක්‍රියාත්මක වන බව ද කැනඩා විදේශ අමාත්‍යවරිය සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post