දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කතෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවේය.
පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය.
අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේය. මිය යනවිට ඔහු 39 වන වියේ පසුවිය.
චාමර ලක්ෂාන් ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වල ද කලක් සේවය කළේය. රැස පුවත්පත ඔහුගේ සංකල්පයක් අනුව මේ වසරේ මුල අාරම්භ වූ අතර රැස අාරම්භක කතුවරයාද ඔහුය. මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාකයන් කර්තෘ ධූරය දැරූ සිළුමිණ පුවත් පතේ කර්තෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයා වන්නේ ද චාමර ලක්ෂාන්ය.
සටහන
රැස පුවත්පත ඇසුරිණි..