News Line| Off Air
Generic placeholder image

Jul
1

ප්‍රභල ආජන්ටිනාව සහ පෘතුගාලය FIFA ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි. – Video

787 Views


ප්‍රභල ආජන්ටිනාව සහ පෘතුගාලය FIFA ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි. – Video

FIFA ලෝක කුසලානයේ උණුසුම්ම තරඟ වටය ඊයේ ආරම්භ වුණා. ඒ අවසන් 16 දෙනාගේ තරඟ වටය. මේ තරංග වටයේදී පරාජය වෙන කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊයේ පවතී පළවෙනි තරඟ 2 න ප්‍රභලම කණ්ඩායම 2ක් එලියට විසිවුණා.

16 දෙනාගේ තරඟ වටයේ පළවෙනි තරඟය පැවැත් වුණේ ප්‍රංශය සහ ආජන්ටිනාව අතර. අවසාන මොහොත දක්වාම ඉතාම තියුණු තරඟයක් කණ්ඩායම් දෙක අතර පුළුවන් වුණා. තරඟයේ 13 මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරන්න ප්‍රංශය සමත් වුණා. 41 මිනිත්තුවේදී පළවෙනි ගෝලය වාර්තා කල ආජන්ටිනාව තරඟයට ප්‍රවිෂ්ඨ වුණා.

48 මිනිත්තුවේදී ක්‍රියාත්මක වුන ආජන්ටිනාවේ Gabriel Mercado තවත් ගෝලයක් වාර්තා කරා. හැබැයි දෙවෙනි අර්ධයේදී තරඟය තමන් දෙසට හරවා ගන්න ප්‍රංශය සමත් වුණා. ඒ මිනිත්තු 10 ක් ඇතුලතදී ගෝල 3 ක් වාර්තා කරලා. 57 වන විනාඩියේදී Benjamin Pavard, Kylian Mbappe 64 වන විනාඩියේදී සහ 68 වන විනාඩියේදී ප්‍රංශය වෙනුවෙන් ගෝල වාර්තා කරා.

ලැබුණ අතිරේක විනාඩි 6 දී ආජන්ටිනාව ගෝලයක් ලබා ගන්න සමත් වුනත් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා 2018 FIFA පාපන්දු කුසලානයෙන් ඉවත් වෙන්න පාපන්දු රජු නායකත්වය දරන ආජන්ටිනාවට සිද්ධ වුණා.

අනිත් උණුසුම් තරඟය පැවැත් වුණේ උරුගුවේ සහ පෘතුගාලය අතර. ඒ තරඟයෙනුත් ප්‍රභල පෘතුගාල කණ්ඩායම ගෙදර යවන්න උරුගුවේ කණ්ඩායම සමත් වුණා. තරඟය ආරම්භ වෙලා විනාඩි 7 ක් යද්දී පළවෙනි ගෝලය වාර්තා කරන්න උරුගුවේ කණ්ඩායම සමත් වුණා. Edinson Cavani ඒ ගෝලය වාර්තා කරා.

පළවෙනි අරධයේදී එකම ගොලයක්වත් වාර්තා කරන්න ප්‍රභල පෘතුගාලයට බැරි වුණා. 55 වන මිනිත්තුවේදී පෘතුගාලය වෙනුවෙන් පළවෙනි ගෝලය වාර්තා කරන්න Pepe සමත් වුණා. 62 වෙනි මිනිත්තුවේදී යලිත් ක්‍රියාත්මක වුන උරුගුවේ Edinson Cavani තවත් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව රොනාල්ඩෝගේ නායකත්වය දරන පෘතුගාලයට ගෙදර එන්න සිද්ධ වුණා.

https://youtu.be/auqyXFLZ_zw


News Articles
Latest Videos
Most Popular Post