News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

රෝයි ද සිල්වා ජීවන රඟ මඬලෙන් සමුගනී.

1708 Views


රෝයි ද සිල්වා ජීවන රඟ මඬලෙන් සමුගනී.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් මෙන්ම පසුබිම් චිත්‍රපට ගායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සේවාවට විශිෂ්ඨ මෙහෙයක් කළ රොයි සිල්වා අභාවප්‍රාප්ත වුණා. ඊයේ (30දා) ඔහු අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණා.

1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් ඔහු රංගන ජීවිතයට පිවිසෙනවා.ඔහු චිත්‍රපට 60කට අාසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස දායකත්වය ලබා දුන්නා. ඒ වගේම 1977 දී ටොම් පචයා චිත්‍රපට අධ්‍යක්ෂයෙන් අධ්‍යක්ෂක ක්ෂේත්‍රයට පිවිසෙන්න රොයි සිල්වා සමත් වුණා.

ඒ මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළා..


News Articles
Latest Videos
Most Popular Post