News Line| Off Air
Generic placeholder image

Jul
3

එලිසබත් මහ රැජිණගේ අභාවයට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි – Photo

2418 Views


එලිසබත් මහ රැජිණගේ අභාවයට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි – Photo

බ්‍රිතාන්‍ය කිරීටයේ පාලිකාව තමයි දෙවෙනි එලිසබත් මහ රැජින. හැබැයි දැන් ඇය ගොඩක් වයසයි. රැජිනට වයස අවුරුදු 92 ක් වෙනවා. ඒ වගේම දැන් ඇය ගොඩක් දුර්වලයි කියලා බකිංහැම් මාලිගාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර පහුගිය දවසක බ්‍රිතාන්‍ය රජය මහ රැජිනගේ අභාවයට කටයුතු කරන්න ඕන ආකාරය ගැන රහසේම පෙරහුරුවක් කරලා තියෙනවා. මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ගයන් “කාසල් ඩෝව් (Castle Dove)” කියලා තමයි හඳුන්වන්නේ. රැජිනගේ අභාවය දැනුම් දෙන විදිය වගේම අභාවයේදී කටයුතු කරන ආකාරය ගැන විශේෂ පිළිවෙත් තියෙනවා.

බකිංහැම් මාලිගය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙත රැජිණගේ අභාවය පිළිබඳව දැනුවත් කරන්නේ විශේෂ සංකේතාත්මක වචනයකින්. “London Bridge is down” කියලා තමයි බකිංහැම් මාලිගය බ්‍රිතාන්‍ය අගමැතිවරයාට දැනුම් දෙන්නේ. ඊට පස්සේ අගමැතිවරයා නිල නිවේදනය නිකුත් කරනවා.

රැජිණගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දින 10 ක ශෝක කාලයක් ද ප්‍රකශ කරනවා. මේ පෙරහුරුව සඳහා බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන් සහ සිවිල් සේවා අංශ ප්‍රධානින් රැසක් සහාභාගි වෙලා තියෙනවා.

මහ රැජිණගේ අභාවයෙන් පස්සේ බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි වෙන්නේ චාල්ස් කුමාරයාට. ඔහු රජු ලෙස පත් වුනාට පස්සේ වේල්ස් සහ ස්කොට්ලන්තයේ පළවෙනි නිල සංචාරය සිදු කරන්න නියමිතයි.

මහ රැජිණගේ අභාවයේදී එම පුවත විකාශනය කළ යුතු ආකාරය ගැන හා උචිත ශෝක ගීත වාදනයන් ගැන කල්තියා සකස් කර ගන්න කියලා රුපවාහිනි සහ ගුවන් විදුලි විකාශන ආයතන ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා.

මහ රැජිණ පසුගිය සතියේ සිට සිය නිල රාජකාරි වලින් ඈත් වෙලා තියෙනවා. තමන් කකුලේ දණහිස් හි ඇති වන දැඩි වේදනාවකින් පෙලෙන බවත් ඉඳ ගැනීමෙන් අනතුරුව යලි නැගී සිටීමේ අපහසුවක් ඇති බව සිය සමිපතයින්ට රැජින පවසලා තියෙනවා. හැබැයි දණහිසේ සැත්කමක් කරන්න වෛද්‍යවරු දුන්න උපදෙස් රැජින ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post