පළතුරු කියන්නේ නිරෝගිමත් ජීවිතයකට අවශ්‍යම දෙයක්. වෛද්‍යවරු කියන්නනේ ඔබේ දවසේ ආහාර වේලකට පළතුරුත් අනිවාර්යෙන් ඇතුලත් කර ගන්න කියලා.
හැබැයි දැන් නම් පළතුරු කන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මොකද රටේ නැති විස පළතුරු වලට ගහන නිසා. පළතුරු වලට සතුන්ට හානි කරන්න බැරි වෙන්න වගේම පළතුරු ඉදවන්නත් රසායනික ද්‍රව්‍ය යොදනවා.
පළතුරු වලට මේ වගේ රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා ඉදිරියේදී ලංකාවට වෙන ගැටළුවක් ගැන මධ්‍යම පරිසර අධිකාරිය අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ පළතුරු ඉදවීමට විවිධ රසායනික යෙදීම නිසා නුදුරේදී බීජ අර්බුදයක් ඇති වෙනවා කියලා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කලේ, ඒ සම්බන්ධයෙන්, වැටලීම් සිදුකිරිමට පියවර අරගෙන තියෙනවා කියලා.
පළතුරු ඉදවීම සඳහා යොදන විවිධ රසායනික හේතුවෙන්, රෝපණය වීම සඳහා පවතින ශක්තිය හීන විම නිසා ඉදිරියේදී රටට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්.