News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

ලෝකයම ආකර්ෂණය වුන මහනුවර පෙරහර මංගල්‍යට දින නියම වෙයි.

841 Views


ලෝකයම ආකර්ෂණය වුන මහනුවර පෙරහර මංගල්‍යට දින නියම වෙයි.

ශ්‍රී දළදා මාලිගාව කියන්නේ ලෝකය පුරා ඉන්න බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ දළදා මාලිගාවේ. සෑම අවුරුද්දකම ඇසළ මාසයේ මහනුවර උත්සවශ්‍රීයෙන් ඉතිරිලා යනවා. ඒ මහනුවර ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වෙනවා.

මෙවර මහනුවර ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 12 දින සිව් මහා දේවාල වල කප් සිටු වීමෙන් ආරමිභ වෙන්න නියමිතයි. එදින සිට දින 5 ක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනවා කියලා ශි‍්‍ර දළදා මාළිගාවෙි දියවඩන නිලමෙි ප‍්‍රදිප් නිලංග දෑල මහතා සදහන් කරා.

ඒ අනුව ඇසල පෙරහර මංග්‍යයේ කුඹල් පෙරහැර අගොස්තු මස 16 දින ආරම්භ වනවා. දින 5 ක් කුඹල් පෙරහැර පැවැත් වීමෙන් පස්සේ අගොස්තු 21 දා පළමු රංදෝලි පෙරහැර විදි සංචාරය කිරීමට නියමිතයි.

අගොස්තු මස 25 දින අවසන් මහ රංදෝලි පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ඇසල පෙරහර පිලිබද මහනුවර ශි‍්‍ර දළදා මාළිගාවේ ඊයේ පැවති සාකච්ඡාවේදී දී දියවඩන නිළමේවරයා ප‍්‍රකාශ කළේ.

ඒ වගේම මෙවර දළදා පෙරහැර සදහා අලි ඇතුන් වැඩි පිරිසක් සහභාගි කර ගැනීමට හැකි වනු ඇති බව ද ප‍්‍රදීප් නිලංග දෑල මහතා එහිදී සදහන් කලා


News Articles
Latest Videos
Most Popular Post