News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

බ්‍රසීලය පාපන්දු රසිකයන්ගේ බලාපොරොත්තු වැඩි කරද්දී ජපානය ආසියාවේ බලාපොරොත්තු බිඳ දමයි.

626 Views


බ්‍රසීලය පාපන්දු රසිකයන්ගේ බලාපොරොත්තු වැඩි කරද්දී ජපානය ආසියාවේ බලාපොරොත්තු බිඳ දමයි.

2018 FIFA ලෝක කුසලානයේ සාර්ථක වුන එකම ප්‍රභල කණ්ඩායම විදියට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. මෙසී සහ රොනාල්ඩෝ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමද්දී නේමාර් ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි කරන්න සමත් වුණා.

ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝවට එරෙහිව ගෝල 02 ට 00 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට බ‍්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කරමින්. රුසියාවේ සමාරා ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයේ බ‍්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලේ නේමාර් විසින්.

තරගයේ 51 වැනි මිනිත්තුවේදී නේමාර් ලබා ගත් එම ගෝලය ලෝක කුසලාන තරගාවලියක ඔහු වාර්තා කළ සයවැනි ගෝලය බවටද පත්වුණා.

ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාසයක් පෙන්නුම් කල මෙක්සිකෝ කණ්ඩායමේ කාලෝස් විලා දැල වෙත පන්දුවක් යොමු කල ද එය දැලෙන් පිටතට යොමු කිරීමටයි බ‍්‍රසීල දැල් රකින්නා සමත් වුණා.

තරඟය නිමාවීමට මිනිත්තු 2ක් තිබියදී යළිත් ක‍්‍රියාත්මක වූ නේමාර් පන්දුව වේගවත් ධාවනයක් ඔස්සේ රොබෙර්ටෝ ෆර්මිනෝට පිරිනැමුවා. ඒ අනුව බ‍්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කලෙ ෆර්මිනෝට විසින්.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සිහින මැවූ ජපානයට ඊයේ එම අවස්ථාව අහිමි වී ගියා. ආසියාවේ එකම බලාපොරොත්තුවත් ඒ සමඟ බොඳ වුණා.

ඔවුන් පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානයේ පසු වන බෙල්ජියම හමුවේ ගෝල 03 ට 02 ක් ලෙස අත් වූ පරාජයත් සමගයි. බෙල්ජියම ලැබූ ජයත් සමග අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන් හා ගැටෙන්නේ ප‍්‍රභල බ‍්‍රසීල කණ්ඩායමයි


News Articles
Latest Videos
Most Popular Post