News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය යයි.

494 Views


දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය යයි.

දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අද උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිට රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, 16 හැවිරිදි සහ 19 හැවිරිදි දෙනගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි සිසුන් දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කිලිනොච්චිය සහ නිට්ටඹුව ප‍්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post