News Line| Off Air
Generic placeholder image

Jul
4

Gmail භාවිතා කරන අයට Goolge සමාගම අනතුරු අඟවයි.

1146 Views


Gmail භාවිතා කරන අයට Goolge සමාගම අනතුරු අඟවයි.

ලියුමක් යවන්න අතීතයේ ඉඳන්ම විවිධ ක්‍රම භාවිතා කරා. පරෙවියන් මඟින්, සංදේශකරුවන් මඟින් අතීතයේ ලිපි යවපු මිනිස්සු පස්සේ කාලෙක තැපැල් සේවාව පටන් ගත්තා. හැබැයි Google සමාගම Gmail ආරම්භ කිරීමත් එක්ක තත්පරයෙන් ලිපි යවන්න පුළුවන් කම ලැබිලා තියෙනවා.

හැබැයි ඊයේ Google සමාගම Gmail භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක් කරා. ඒ Gmail හරහා යවන පණිවිඩ තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය කරන්න පුළුවන් කියලා.

Google සමාගම සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගන්නවා. එවැනි අවස්ථාවල ගූගල් හරහා යොමු කෙරෙන හා යොමු වන පණිවුඩ කියවීමට, යොමු කිරීමට මෙන්ම මකා දැමීමටද එම පාර්ශ්වයන් වෙත අවස්ථාව තියෙනවා කියලා Google සමාගම සඳහන් කරනවා.

කොහොම වුනත් ඒ ක්‍රියාව Google සමාගමේ ප‍්‍රතිපත්තිවලට පටහැනි නෑ කියලයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. Gmail කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන ඊ මේල් සේවාව. ලෝකය පුරා බිලියන 1.4ක පමණ පිරිසක් Gmail භාවිතා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post