News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ දරුවන්ට දෙමව්පියන් සමඟ කතා කරන්න තිබූ අවස්ථාවත් අහිමි වෙයි.

953 Views


ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ දරුවන්ට දෙමව්පියන් සමඟ කතා කරන්න තිබූ අවස්ථාවත් අහිමි වෙයි.

තායිලන්තයේ තැම් ලූ‍වෑන්ග් ගුහාවේ සිරවී සිටින පාපන්දු ක‍්‍රීඩා කණ්ඩායමක දරුවන් 12 දෙනාට ඔවුන්ගේ දෙමව්පියන් සමග කතාබහ කිරීම සදහා ගුහාව තුළ සන්නිවේදන කේබල් සවි කිරීමට තායිලන්ත රජය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දරුවන්ට දෙමව්පියන් සමග කතාබහ කිරීමට අවස්ථාව ලබාදීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා.

ගුහා දොරටුවේ ජල මට්ටම අඛණ්ඩව ඉහල යාම හේතුවෙන් දරුවන් 12 දෙනා සහ පුහුණුකරු පිටතට ගැනීමට තවත් මාස 04 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් එරට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ගුහාව වෙත ගොස් පාපන්දු කණ්ඩායමට දින 10 ක කාලයක් සදහා අවශ්‍ය ආහාරපාන ලබාදී තිබෙනවා.

වෛද්‍යවරයෙකු සහ හෙදියක් ද එම කිමිදුම්කරුවන් අතරට ඇතුළත් වූ අතර පාපන්දු කණ්ඩායමේ සෞඛ්‍ය තත්වය ඔවුන් විසින් පරීක්ෂා කර තිබුනා. අවුරුදු 11 ත් 16 ත් අතර වයසේ පසුවන මෙම පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් 25 හැවිරිදි සිය පුහුණුකරුවාත් සමඟ ගුහාවට ඇතුළු වී තිබුණේ පසුගිය 23 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post