රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි දින 02 තුළදී ඇය එම ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතයි. ඉල්ලා අස් වීම පිළිබදව ඊයේ ජනාධිපතිතුමා හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කල බව ද විජයකලා මහේෂ්වරන් මහත්මිය සදහන් කළා.
සිද්ධිය වූ දිනයේ දීම අග‍්‍රාමාත්‍යවරයා තමන් දුරකථනයෙන් අමතා එම ප‍්‍රකාශය පිලිබද කරුණු වටහා දුන් බවත් එය ව්‍යවස්ථාවට පටහැනි බවත් තමන් අවබෝධ කර ගත් බවයි ඇය සදහන් කලේ.
ඒ නිසා ධූරයෙන් ඉල්ලා අස් වීමට එදිනම තීරණය කළා කියලා විජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලා. ඇය මෙතෙක් කටයුතු කලේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයේ.
විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ රාත‍්‍රියේ අරලියගහ මන්දිරයට ඇවිත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් හමු වුනා. ඒ කොළඹට පැමිණ තමා හමුවන්නැයි අග‍්‍රාමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුවයි.
මේ හමුවේදී යාපනය පැවති උත්සවයකදී ඇය කළ ප‍්‍රකාශය ගැන අග‍්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසලා තියෙනවා. කොහොම වුනත් සාකච්ඡාවෙන් පස්සේ රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍යවේදීන් මඟ හරිමින් වෙනත් මාර්ගයකින් පිටව ගියා.