පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වෙනවා. අද ඉඳන් ලෝක පාපන්දු උණුසුම තවත් දෙගුණ තෙගුණ වෙනවා. පළවෙනි තරගය ප‍්‍රංශය සහ උරුගුවේ කණ්ඩායම් පැවැත් වෙනවා.
පිට පිට ගෝල දෙකක් ලබා ගෙන ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවත් කල ප‍්‍රංශයේ කයිලාන් බාපේගේ උරුගුවේ කණ්ඩායමේ ප්‍රධානම තර්ජනය වෙලා තියෙනවා. හැබැයි ඔහුව පාලනය කර ගන්න තම කණ්ඩායමට පුළුවන් කියලා. උරුගුවේ කණ්ඩායමේ ලූවිස් සුවාරිස් සදහන් කළා.
ඒ වගේම ශක්තිමත් වම් පාදයක් හිමි ඇන්ටෝනි ග‍්‍රිස්මාන් ද අද තරගයේදී විශාල තර්ජනයක් වෙයි කියලා උරුගුවේ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. අවසන් 16 දෙනාගේ වටයේදී පෘතුගාලයට ලෝක කුසලාන සිහිනය අහිමි කරමින් උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කලේ ගෝල 2-1 ක් විදියට.
උරුගුවේ කණ්ඩායමට ගෝල දෙකම ලබා දුන්න එඩින්සන් කවානි එම තරගය අතරතුර කලවා ප‍්‍රදේශයේ මස්පිඬු පෙරලීමේ ආබාධයකට ගොදුරු වූණා. ඒ නිසා ඔහු අද තරගයට ක‍්‍රීඩා කිරීම තවමත් තහවුරු වෙලා නෑ.
අවසන් පූර්ව වටයේ අද අනෙක් තරගය පැවැත් වෙන්නේ බ‍්‍රසීලය හා බෙල්ජියම අතර. අවසන් 16 දෙනාගේ වටයේදී ජපානය සතුව තිබ්බ ජයග‍්‍රහණය උදුරා ගත්ත පෙරළිකාර බෙල්ජියම් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් ඉන්නේ ඉහළ මානසිකත්වයක.
කුමන අවස්ථාවකදීවත් බ‍්‍රසීල කණ්ඩායම අවතක්සේරු කරන්නේ නෑ කියලා බෙල්ජියමේ කළමනාකරු රොබේටෝ මාටිනස් ප්‍රකාශ කරා. බ‍්‍රසීල කණ්ඩායමේ නේමාර් අද තරගයේදී විනයානුකූලව ක‍්‍රීඩා කරාවි කියලා පාපන්දු විචාරකයින් පවසනවා.
නේමාර් දඬුවම් පහර සීමාවේදී ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයකු සිරුරේ ගැටෙන්නටත් පෙර බිම ඇද වැටෙන අයුරු පහුගිය තරඟ වලදී දැක ගන්න ලැබුණා. මේ නිසා රඟපෑම පැත්තක තියලා කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා කරන්න කියලා කණ්ඩායමේ කළමනාකරු ඔහුට තදින් උපදෙස් ලබා දීලා තියෙනවා.
මේ අතර අද සිට තරග පැවැත්වෙන කී‍්‍රඩාංගන අවට විශේෂ ආරක්ෂක වැඩපිලිවලක් ක‍්‍රියාත්මක කිරීමට රුසියානු ආරක්ෂක අංශ පියවර ගෙන තියෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ ආරම්භ වීමත් සමගම ලෝක කුසලානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට සැක පහල වීමත් සමඟ. කේ ජී බී ඔත්තු සේවය සහ එරට ප‍්‍රමුඛ පෙලේ ආරක්ෂක අංශ මෙම වැඩපිලිවල සදහා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.